පසුගිය දින 7ක කාලය තුළ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට පැමිණ ඇත්නම් හා දැනට නිරෝධානයට ලක්ව නොමැතිනම් තම තොරතුරු ළගම සිටිනා මහජන පරීක්ෂකවරයාට ලබාදී පී.සී.ආර්. පරික්ෂණයකට යොමුවන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටියි.
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීරණයේ කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 800 ක් පමණ යුද හමුදාව මගින් නිරෝධානය කරන බවත් තවත් 800ක් පමණ ස්වයං නිරෝධානයට ලක්ව ඇති බවත් ඔහු සඳහන් කළේය.