යුද හමුදා ගුවන් සංක්‍රමික බලකායේ විසිර යෑම
ශ්‍රි ලංකා යුද හමුදා ගුවන් සංක්‍රමික (Air Mobile) පුහුණු පාසල වෙතින් ආරම්භ කරනු ලැබු පාඨමාලා අංක 24 හැදෑරු නිලධාරින් 06 දෙනෙකු සහ සෙසු නිලයින් 324 දෙනෙකු අද (23දා) නිකවැව ගුවන් සංක්‍රමික පුහුණු පාසලේදී ගුවන් සංක්‍රමික නිල ලාංඡන පැළඳීමෙන් පසු විසිරයන ලදි.
මෙම පාඨමාලාවේ දක්ෂතම වෙඩික්කරු සහ පාඨමාලාවේ අතිශුර සෙබළා ලෙස 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්රල් ප්‍රියංකර ආර්ඩීපි විසින් කුසලාන හිමිකරගන්නා ලදි.
ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් රමේෂ් මංගල ගේ ආරාධනයෙන් එම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සහභාගී වු අතර, 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු සහ ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුභාෂ් සංජීව යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද මෙම අවස්ථාවට සහභාගි වුහ.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

