Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
යුද සමයේදී සිදු වූවායැයි පැවසෙන යුද අපරාධ වෙනුවෙන් වහාම ජාත්‍යන්තර පරික්ෂණයක් සිදු කොට දෙමුහුන් අධිකරණයක් පිහිටුවා වරදකරුවන්ට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් ඊයේ (16) දින යාපනයේ විරෝධතා පාගමනක් සංවිධානය කොට තිබුණි.
විරෝධතා පාගමන යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කොට තිබූ අතර පාගමන යාපනය සරසවියෙන් ආරම්භ වී යාපනය නගරසභා වටරවුම දක්වා විරෝධතා පාඨයන් හා යුද අපරාධ හුවා දැක්වෙන ස්මරකයන් සමගින් සරසවි සිසුන් විශාල පිරිසක් මෙන්ම දෙමළ දේශපාලන පක්ෂ නායකයින් ඇතුළු නියෝජිතයින්,අතුරුදහන් වූවන්ගේ ඥාතීන්,සිවිල් සංවිධාන නියෝජිතයින් හා සාමාන්‍ය වැසියන්ද එක්ව 3,000 කට අධික පිරිසක් පා ගමනට සහභාගී වෙමින් ගමන් කරනු ලැබීය.
විරෝධතා පාගමන අවසානයේදී රැස්ව සිටි පිරිස්ට යාපනය විශ්වවිද්‍යාල සිසුන් දේශනයක් සංවිධානය කොට තිබුණද කිසිදු දේශපාලන නියෝජිතයෙකුට රැස්ව සිටි පිරිස් ඇමතීමට අවස්ථාවක් නොදීමද මෙහිදී විශේෂ විය.
විරෝධතාවයට සහභාගී වූවන් අමතා යාපනය විශ්ව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති එන්.දිවාකරන් කියා සිටියේ,
“ජාත්‍යන්තරය විසින් ශ්‍රී ලංකා රජයට යුද අපරාධ සම්බන්ධයෙන් මෙන්ම අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් දුන් කාල සීමාවන් පමණටත් වඩා වැඩි හෙයින් තවත් කාලයක් ලබා දීම සාධාරණයක් නොවන හෙයින් හැකි ඉක්මනින් දෙමුහුන් අධිකරණයක් පිහිටුවා යුද අපරාධ සිදු කරන ලද පුද්ගලයින් නීතියට පමුණුවා ඔවුන්ට දඩුවම් ලබා දිය යුතු බවටය. එමගින් යුද්ධයෙන් බැට කෑ ජනතාවට සාධාරණත්වයක් ඉටුවන බවටත්ය”.
popular news
rocky Monday, 18 March 2019 07:52 AM
ජාත්‍යන්තර පරීක්ෂණයකට මුහුණ දෙන්න අපේ මිනිස්සු බය ඇයි? එයින්ම සැකයක් මතුවෙනවා, යුද්ධ අපරාධ සිදු වුන බවට. ජාතික මට්ටමේ පරීක්ෂණ වලින් හෝ අධිකරණයෙන් සාධාරණයක් ඉටුවේද යන්න ගැන සැක කරනු ලැබීම සාධාරණයි. පහුගිය ආණ්ඩුවේ ඇතැම් අයට එරෙහිව ඇති අපරාධ, දූෂණ , ආදිය ගැන කෙරෙන නඩු විභාගවල මන්දගාමී තත්වයේ හැටියට බැලුවාම, යුද්ධ අපරාධ පිලිබඳ නඩුවක විභාග කරලා අවසන් වෙන්න අවුරුදු හැට හැත්තෑවක් වත් ගත වෙන්න පුළුවනි කියලා හිතෙනවා. ජාත්‍යන්තර මැදිහත් වීම් වලට විරුද්ධව උද්ඝෝෂණ කරන්නෙත් යුද්ධ අපරාධවලට චෝදනා ලබන "වීරයන්" ම සහ සිහල බවුද්ධ අන්තවාදීන් වීම විශේෂ කරුණක්.
Reply : 0 0
Champa Monday, 18 March 2019 06:22 PM
ඊළඟ ආණ්ඩුව ආවහම එහෙම පරක්කු වෙන්නේ නැහැ. රට පාවල දීපු ද්‍රෝහීන් දෙන්නට දඬුවම් දෙන නඩුව දවස් තුනෙන් අහල ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ එල්ලුම් ගහ. දශක ගානක් නවත්තල තිබ්බ එල්ලුම ගහ මේ අල්ල පනල්ලේම ගේන්න හිතුනේ තමන් කරපු අපරාධ පස්සෙන් පන්නන නිසා.
Reply : 0 0
Nandana Monday, 18 March 2019 10:31 AM
එතකොට කොටි මැරුවේ බල්ලෝද,ඒ අපේ සිංහල කොල්ලෝ , අනිත් එක රටේ නීතියනුකුල හමුදාව , උන් වගේ ත්රස්තයෝ නොවේ .
Reply : 0 0
rocky Monday, 18 March 2019 01:48 PM
නන්දන මලයෝ, සිංහල කොල්ලන්ව මරපු කරුණා අම්මාන් ට, පිල්ලියාන්ට එහෙම මහින්දගෙන් දඬුවම් ලැබුන හැටි . කේ.පී.ලා එහෙම නිදහස ලබපු හැටි ඔහෙලාට අමතකද? කොටින්ට පගා ගහලා චන්දෙ බ්ලොක් කරලා ජනාධිපති වුනාය කියන මිනිහෙකුගෙන් ඊට වඩා යමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් තිබුනේ නැහැ! ඒ කොහොම වුනත්, රටේ නීත්‍යානුකූල හමුදාවට අවනීතික වැඩ කරන්න ලයිසන් දීලා නැහැ! පවතින නීතියට ඔවුන් වගේම ඔය "රණවිරුවන්" හැටියට ෂේප් වෙන්න හදන අයත් යටත් වෙන්න ඕන.
Reply : 0 0
Champa Monday, 18 March 2019 03:18 PM
හොඳයි වැඩේ. දැන් බ්‍රිතාන්‍ය නඩු කාරයෝම පෙන්නලා තියෙනව කොටින්ට පුළුවන් එවුන්ව සල්ලි වලට ගන්න කියලා. මානව හිමිකම් කොමසාරිස් පෙන්නල තියෙනව එයා වැඩ කරන්නෙත් කොටින්ටයි වලටයි ඕනේ විදිහට කියල. ඇමරිකාවේ මේ වගේ උද්ඝෝසහනයක් කළා නම් ඔක්කොම අත් අඩංගුවට ගන්නවා රාජ්‍ය විරෝධීන් කියල. ලංකාවේ එහෙම වෙන්නේ නැත්තේ රටේ නායකයෝ දෙන්නත් දේශද්‍රෝහීන් නිසා. උද්ඝෝෂණය කරන්නත් අදටත් ජීවත් වෙලා ඉන්නේ තමන්ට ජීවිතේ අරන් දුන්නු හමුදාව හින්ද කියලා මෙවුන්ට දැන් මතක නැහැ. කිසි ගුණයක් නැති ජාතියක්. කොච්චර කරත් වැඩක් නැහැ. මහ කොටිය ඉන්න කාලේහැංගිලා හිටියේ ඇඳන් යට. නැත්නම් අමු කැලාවල. දැන් එලියට ඇවිල්ල කැහගහනවා.
Reply : 0 0
rocky Tuesday, 19 March 2019 06:34 AM
පළමුවත් මවුබිම! දෙවනුවත් මවුබිම!! තුන්වෙනුවත් මවුබිම .. යකෝ, මවුබිම!!! මවුබිම නැතුව විකුනාගන කන්නේ මොකද්ද? ජාත්‍යාලයෙන් දේශානුරාගයෙන් සමහරුන්ගේ ඇඟේ ලේ රත්වෙලා ගිනියම් වෙලා දැන් වාෂ්ප වෙන්නත් කිට්ටුයි. මේ දවස්වල කාලගුණයේ තියන ගිනිකාර කමටත් හේතුව ඒක වෙන්න පුළුවනි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd