යාපනය පුලියඩි මංසන්ධියේදී යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයෙකුට ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් ඇදවැටී රෝහල්ගතකල අයෙකු මිය ගොස් ඇති අතර එම පුද්ගලයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති තිබූ බව යාපනය පොලීසිය පවසයි.
යාපනය උරුම්පිරාය් ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගයෙකු ඊයේ (31) දින යාපනය ශික්ෂණ රෝහලට රෝගියෙකු බැලීම සඳහා යතුරුපැදියක යමින් සිටියදී මෙම අනතුර සිදුවීමෙන් පසුව ප්‍රදේශවාසීන් විසින් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.
පසුව සිදුකරන ලද පී.සී.ආර් පරික්ෂණයකදී මිය ගිය පුද්ගලයා කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
මෙම පුද්ගලයාට වෛරසය අසාදනය වී ඇති ආකාරය පිළිබඳව මෙතෙක් අනාවරනය වී නැති අතර ඔහුගේ පවුලේ ඥාතීන් මේ වන විට නිවෙස් තුළම නිරෝධායනය කර තිබේ.
මිය ගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සෞඛ්‍ය නීතින් වලට අනුව සිදුකිරීමට පියවර ගෙන ඇතැයිද යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.