ශ්රී ලංකාවට යතුරු පැදි ආනයනය කරන ආයතනයන්හි බෙදා හැරීමේ නියෝජිතයන් අද (02දා) කොළඹ ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත විය.
යතුරු පැදි ආනයන තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර තිබේ. රජය ආනයන සීමා කිරීමේ සංකල්පය අනුව මෙසේ යතුරු පැදි ආනයන සීමා කර තිබේ.
කෙසේ වෙතත් එම කර්මාන්තය ආශ්රිතව ජීවත්වන ලක්ෂ 2කට ආසන්න පිරිසකට මේ වන විට සිය රැකියා අහිමිවීමේ අවධානමක් ඇති බව විරෝධතාකරුවන් සඳහන් කරයි.
මෙම ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හෙට දිනයේදී මහා භාණ්ඩාගාර ලේකම්වරයා සමග සාකච්ඡාවක් එම නියෝජතයන්ට ලබාදී තිබේ.