යක්කල , වැරැල්ලවත්ත ප්‍රදේශයේ මධ්‍යම ප්‍රාන්තික මහල් නිවාස යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
විශ්ව විද්‍යාල අධ්‍යාපන සදහා සුදුසුකම් ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සහ උපාධිධාරීන් ඇතුළු රැකියා ලබන වයස අවුරුදු 35 ට අඩු තරුණ පිරිස් ඉලක්කර ගනිමින් දීර්ඝකාලීනව ගෙවීමේ ණය පහසුකම් සහිතව මෙම නිවාස ලබාදීමට පියවර ගන්නා ලෙසට , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබාදී ඇති බව නිවාස ඉදිකිරීමේ ස්ථාන පරීක්ෂාව සදහා පැමිණි ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මාධ්‍යට පැවසීය.
අක්කර තුනක භූමි භාගයක මහල් 10 බැගින් වන නිවාස 400 ක් මෙම මධ්‍යම ප්‍රාන්තික නිවාස යෝජනා ක්‍රමය යටතේ ඉදිකෙරෙන අතර පළමු අදියර යටතේ නිවාස 120 ක් ඉදිකෙරෙන බවත් අමාත්‍යවරයා කීය.
නිවාස සංවර්ධන අධිකාරිය , ගම්පහ නගර සභාව සහ ඉංජිනේරු සංස්ථාව එක්ව මෙම නිවාස ඉදිකිරීමේ කටයුතු සිදු කෙරේ.
මෙම ස්ථානීය පරීක්ෂණ අවස්ථාවට ගම්පහ පුරපති එරංග සේනානායක , නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේනුක පෙරේරා , ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති අබේසිරිවර්ධන , නිවාස සංවර්ධන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කළමනාකාර අනිල් ප්‍රියන්ත යන මහත්වරුන් ඇතුළු අදාල අංශ නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.