මෛත්රී - මහින්ද මුහුණට මුහුණ හමුවක්
ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපති,විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර මුහුණට මුහුණ හමුවක් ඊයේ (05දා) රාත්රියේදී පවත්වා තිබේ.
කෙසේ වෙතත් මෙහිදී සාකච්ඡා කෙරුණු කරුණු පිළිබඳව කිසිම සඳහනක් නොමැත.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය ජනපති අපෙක්ෂකයා එළැඹෙන 11 දා නම්කිරීමට නියමිත අතර ඊට පෙර මෛත්රී - මහින්ද හමුවක් සිදුවන බවට දේශපාලන වාර්තා වලින් සඳහන් කෙරණි.
ඒ අනුව මෙම හමුව සිදුව තිබුණි. මෙම සාකච්ඡාව පැයකට අධික කාලයක් පවත්වා ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ මෛත්රීපාල සිරිසේන ජනපති හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පවත්වා ඇති නමුත් එහිදී සාකච්ඡා වූ කරුණු පිළිබඳව කිසිවක් නොදන්නා බවයි.

popular news
-
mahesh disanayake Tuesday, 06 August 2019 12:54 PM
හැමදාම මුහුණට මුහුණ බලාගෙන නොවෙයිද ඔය කතාවල් කලේ.අපි අයි දන්නේ නැහැ පිටුපාලා කතා කරලද අගමැති කමට පත් කරගත්තේ අර ඔක්තෝබර් මාසේ.මැජික් කතා .......පව්...
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

