මුස්ලිම් කාන්තා විවාහ වයස වැඩි කිරීමට යෝජනාවක්
මුස්ලිම් කාන්තාවන්ට විවාහ විය හැකි වයස් සීමාව වයස අවුරුදු 18 දක්වා වැඩි කිරීම ඇතුළු මුස්ලිම් විවාහ සම්බන්ධයෙන් අවශ්‍ය නීති සංශෝධනය කිරීමට මුස්ලිම් මන්ත්‍රීවරුන් එකඟතාවකට පැමිණ තිබේ.
එමෙන්ම මුස්ලිම් විවාහයකදී මනාලියගේ භාරකරුවා වෙනුවට විවාහ වන කාන්තාව අත්සන් කිරීම අනිවාර්ය කිරීමත්, කාති අධිකරණයෙදී මුස්ලිම් දික්කසාඳ නඩු විභාග කිරිමට පිරිමි මහේස්ත්‍රාත්වරුන්ට අමතරව කාන්තා මහේස්ත්‍රාත්වරුන් එක් කිරීමටත් මෙහිදී යෝජනා වී තිබේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ හිටපු අමාත්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා සඳහන් කළේ ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි.
මෙහිදී කරුණු 11ක් පිළිබඳව එකඟතාවයකට පැමිණ තිබේ.

popular news
-
බණ්ඩාර Sunday, 14 July 2019 10:52 PM
ඔන්න ඔට්ටුයි රනිලුයි සිරිසේනයි නම් මේ යෝජනාවට එකඟ නෑ. මේ දෙන්නටම ඕන වෙලා තියෙන්නේ මුස්ලිම් ජනගහනය වැඩි කරලා තමන්ගේ චන්ද ප්‍රමාණය වැඩි කරගන්න.
Reply : 2 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

