ලංකාවේ අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයන් මිලියන 17ක් සිටින බවත් මේ වන විට ඉන් පුද්ගලයන් මිලියන 13ක් ටින් අංකය ලබාගෙන ඇති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසිය. තවත් මිලියන 4ක් ටින් අංකය ලබාගත යුතුව ඇති බවද ඔහු කීය.
මිලියන 13ක් ටින් අංකය ලබාගෙන තිබුණත් ආදයම් බදු ගොනු විවෘත වී ඇත්තේ මිලියන 1.1ක් වූ ප්‍රමාණයකට බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය. තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවැසුවේ ටින් අංකයක් ලබා ගත් පමණින් බදු අයකිරීමක් සිදු නොවන බවයි.