මැති ඇමති වැටුප් වැඩි කිරීමට ඉඩ දෙන්නේ නෑ
මැති ඇමති වැටුප් වැඩි කිරීමට තීරණය කළේ සියලු පක්ෂ නායකයන්ගේ එකඟතාවයෙන් බවට ඉරිදා පුවත්පත්වල පළ වී තිබුණ ද ඒ කවර යෝජනාවක් වුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බවත්, තමා කිසිසේත් එවැන්නකට ඉඩ නොතබන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ඉකුත් වසර තුන තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ මැති ඇමතිවරුන්ගේ වැටුප් සහ දීමනා වැඩි කිරීමට විටින් විට කටයුතු කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ අවස්ථාවලදී ජනාධිපතිවරයා හැටියට තමාගේ වැටුප වැඩි කිරීමට පැමිණි යෝජනා තමා තරයේ ප්‍රතික්ෂේප කළ බව ද සඳහන් කළේය.
ජීවන වියදම ඉහළ යෑම ඇතුළු ආර්ථික ගැටලු බොහෝමයක් විසඳා ගැනීමට උත්සාහ ගනිමින් සිටින මේ අවස්ථාව මැති ඇමති වැටුප් වැඩි කිරීමට කොහෙත්ම සුදුසු නොවන බව ද ඔහු පැවසීය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව රෝහල හන්දියේ ඉදිකළ පිබිදෙමු පොළොන්නරුව වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (04දා) පස්වරුවේ එක් වෙමිනි.

popular news
-
Champa Saturday, 04 August 2018 11:51 PM
මේ ගැන තිබුන ප්රවෘත්ති දැක්කට කොමෙන්ට් එකක් දැම්මෙවත් නැහැ. ඒ මොකොද කිව්වා නම් ඒ තරමට කේන්ති නිසා. හදිසින්වත් වැඩි කරා නම් ලියන්න හිටියේ වැටුප් වැඩිවීමට කැමති වෙච්ච මැති ඇමතිවරු හැමෝටම පේලියට ඉන්න කියලා, ජනාධිපතිතුමාගේ යාලුවා පිලිපීන ජනාධිපතිට නිල සංචාරෙකට එන්න කියලා මැති ඇමති පේළියම එයාගේ ආචාර වෙඩි මුර විදියට පාවිච්චි කරන්න කියල කියන්න.
Reply : 0 0
Champa Sunday, 05 August 2018 11:21 PM
කතා කරන්නේ ප්රජාතන්ත්රවාදයේ මුර දේවතාව වගේ. හැබැයි ප්‍රතිවාදීන්ව වට්ටන්න තුට්ටු දෙකේ බාල වැඩ කරනවා යටින්. කොන්දක් තියෙනව නම් කෙලින් එන්න ජනාධිපතිතුමා. නිකම් දෙකයි පනහේ බාල වැඩ නොකර. ලබන අවුරුද්දේ හිටපු ජනාධිපතිතුමාට ලෝක ලෙඩක් දාන්න බලන් ඉන්නවා චන්දෙ කිට්ටු කරලා. මානසිකව වට්ටන්න හිතාගෙන. වේලාසනම කිව්වේ එතුමාට දැන ගන්න. අද ඉන්න හුඟක් මිනිස්සු 2015 ජනවාරි දේශපාලනයේ හිටියේ නැහැ. දේශපාලනය ගැන කතා කලෙත් නැහැ. ඒ වුනාට 2019 එහෙම වෙන්නේ නැහැ. හිටපු ජනාධිපතිතුමාට පණ දෙන්න මිනිස්සු එයි. තියන්නකෝ චන්දෙ. රටේ වාසනාවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊළඟ ජනාධිපතිවරණය තියෙන දිනය ගැන, ධූර කාලය ගැන තීන්දුවක් දුන්න. ඒක අහඹු දෙයක් නෙමෙයි. ඒ තීන්දුව දුන්නේ නැත්නම් චන්දෙ තියන්නේ නැහැ. ඒ හින්ද කෲර හිතින් කරන්න හිතන කිසි දෙයක් හරියන්නේ නැහැ. එහෙම කරන ඒවා ඔක්කොම වැලකිලා යනවා.
Reply : 1 0
liyanage Monday, 06 August 2018 07:57 AM
මරණ දඩුවමේ දෙවෙනි කොටස නේද කියවනේ?
Reply : 0 0
Deepal Nirosh Monday, 06 August 2018 01:12 PM
තමාගේ නායකත්ව අසාර්ථකභාවය යළිත් ප්‍රදර්ශනය කළ අවස්ථාවක්. කැබිනට් තීරණ ඉදිරිපත් වීම පිළිබඳ මණ්ඩලයේ ප්‍රධානියා දැනුම්වත් වී නැහැ. මේ වගේ පෙර යෝජනා කීයක් ඉදිරිපත් වී අනුමත වී ඇත් ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

