Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
මීළඟ ජනාධිපතිවරයා විය යුත්තේ මෙරට වස විසෙන් තොර වගාවන් කිරීම පිණිස කටයුතු කිරීමට හැකි අයෙකු යැයි , පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පැවසුහ.
ගම්පහ සණස ශාලාවේදී පැවති ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව අමතමින් උන්වහන්සේ එසේ පැවසු
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රතන හිමියෝ,
“මේ පුජනීය පින්බිම වස විසෙන් තොර කරලා මුළු ලෝකයටම පෙන්විය යුතුයි , හොඳම ආහාර පාන නිපදවනු ලබන රටක් බව. මේ අනුව තව වසර දහයක්, පහළොවක් පමණ යනවිට මෙරට දරුවන් නීරෝගීමත් පිරිසක් වේවි.
මේ රටේ අනුරාධපුරය , පොළොන්නරුව ඇතුළු රටේ ප්‍රදේශ ගණනාවකම වස විසෙන් තොර ආහාර පාන වගාකළත් රජය මගින් පොහොර ලබාදීම හේතුවෙන් එය කඩා දැමීම සිදු කළා.
රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව කාබනික වගාව යටතේ භෝග වගා කිරීමෙන් වගාකරුවන් ලාභ ලබන තත්ත්වයට පත්උනා.
පිටිකිරි ගැන කතා කරන විට දරුවන්ට හරක් කිරි ලබාදීම ලෝකයේ බොහෝ රටවල නතර කරමින් යනවා. දරුවන්ට මවුකිරි ලබාදීම විය යුතුයි. කිරිපිටි පානය කිරීම යනු වසක් පානය කිරීමයි. පිටිකිරි වලට ඌරු තෙල් ඇතුළු විවිධ දේවල් මිශ්‍ර කරන බව හදුනාගෙන තිබෙන " යැයි උන්වහන්සේ පැවසුහ.
ගම්පහ - තිලකරත්න
popular news
chathuri Monday, 25 March 2019 05:07 PM
හරියට අහසේ තරුයි. ,මුහුදේ මඩ හොයනවා වගේ වැඩක් දැන්. කරලියට එනවා. පෙනේ හකුලාගෙන ගැරඩියෙක් වගේ රජ. වෙන්න , පොල්ලයි බුමිතෙල් බෝතලෙයි අතේ තියන් ඉන්න ඕන අවා ගමන් එලවන්න. ,
Reply : 0 10
Nandana Monday, 25 March 2019 06:06 PM
නිකන් ගොන් කතා කියන්න එපා, මේ රටට ඕන වස විස විතරක් නැතිකරන්න නායකයෙක් නොව රටට දැයට ආදරය කරන රටේ දියුණු කළහැකි අයෙක්
Reply : 0 17
rocky Tuesday, 26 March 2019 06:50 AM
මේ හාමුදුරුවන්ටත් ඕන නැති දෙයක් නැහැ! සිවුරට ගැලපෙන චරියාවක යෙදෙන්න හාමුදුරුවනේ!
Reply : 49 21
hemantha Tuesday, 26 March 2019 02:15 PM
එහෙනම් ඉතින් මමත් සුදුසුඉ, මම ගෙදර වත්තේ බටු, බණ්ඩක්ක, මිරිස් ඉන්දුව, පොහොර දම්මේම නැහැ.
Reply : 0 2
Champa Tuesday, 26 March 2019 02:31 PM
වස විස නැති වගාව හොඳ වැඩක්. අනික්වට බැන්නට මම නම් ඔය වැඩේට හොඳ කිව්වා මුලදීම. හැබැයි ඕක විතරක් මදි. ලංකාවේ ඊළඟ ජනාධිපති මත්පැන් පානය නොකරන මිනිහෙකුත් වෙන්න ඕනේ. ඒ වගේම හරි ප්‍රතිපත්තියක් සහිත මිනිහෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ "කන්නේ එළවලුයි බතුයි - බොන්නේ විස්කි - බයිට් එක පිපිඤ්ඤා පෙති" - ජනාධිපතිවරු හරි යන්නෙත් නැහැ.
Reply : 0 0
rocky Tuesday, 26 March 2019 07:13 PM
චම්පෝ, මත් පැන් පානය නොකරන කවුරුවක් වත් අද ලංකාවේ දේශ පාලනේ කොරනවද? නිකං විහිලු කතා කියන්න එපා. ඒ විදිහේකෙනෙකුව හොයාගෙන චන්දෙ දීල ජනාධිපති හැටියට තෝරා ගත්තාම මිනිහා ඒ ජොලියට එදාම බොන්න පටන්ගත්තොත් මොකද කොරන්නේ? මේ දැන් ඉන්න ජනාධිපතිතුමා අපට මොන පොරොන්දු දීලද ඔතනට ගියේ? අද මොනවද කරන්නේ? ව්‍යවස්ථාවත් උල්ලන්ඝනේ කරනවා. මීට පස්සේ චන්දෙ දෙන්න වෙන්නේ පම්බයෙකුට! !
Reply : 1 0
Champa Wednesday, 27 March 2019 05:46 PM
Rocky - යමක් කියව තේරුම් ගැනීම දුර්වල බව පෙන්වා. කොහෙද මම කියලා තියෙන්නේ දේශපාලකයෙක් කියලා? බෙබේල හිතනව හැමෝම බෙබේල කියලා. ආණ්ඩුවත් එහෙම හිතන් හින්ද තමයි ලංකාවම සූර් කරන්න අවුරුදු 4ක් විතර තිස්සේ දඟලන්නේ. හොඳ වෙලාවට ලංකාවේ බේබද්දන්ට වඩා හොඳ සිහියෙන් ඉන්න මිනිස්සු වැඩි නිසා, ඒ වැඩේ හරි ගියේ නැහැ. දැන් ඉන්න ජනාධිපතිතුමාට මම චන්දෙ දුන්නේ නැහැ. ඒ හින්ද මට එයා කරන දේවල් වැඩක් නැහැ.
Reply : 0 0
Don Wednesday, 27 March 2019 06:21 PM
දිව්‍ය ලෝකේ ගිහිල්ල තමයි එයා හොයාගන්න වෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd