මහින්දට එරෙහිව රන්ජන්ගෙන් FCIDයට පැමිණිල්ලක්
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පසුගිය ජනපතිවරණ සමයේදී හම්බන්තොට වරාය ගිණුමෙන් ඩොලර් මිලියන 7.6ක් ලබාදීම පිළිබඳව නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය කළ අණාවරණය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අද (28දා) ඔහු පැමිණිල්ල ඉදිරිපත් කළේය.
“මම දන්න විදිහට මේ පැමිණිල්ල භාගයක් දුර ගිහින් නැවතිලා තියෙනවා. මේකේ බී වාර්තාවක් තිබෙනවා. මම අභියෝග කරනවා පුළුවන් නම් මම දුන්නා වගේ දිවුරුම් ප්‍රකාශයක් දෙන්න චයිනා හාබර් එකෙන් චයිනා මර්චන්ට් එකෙන් කිසිඳු මුදලක් අරන් නෑ වගේම ඔවුන්ට මේ කරපු අපහාසයට නිව්යෝක් ටයිම්ස් පුවත්පතට ඩොලර් මිලියන ගාණක් ඉල්ලලා වන්දි නඩුවක් දාන්න පුළුවන්.නිව්යෝක් ටයිම්ස් එකට අදාළ නෑ පොහොට්ටුවද? පුටුවද? අලියද? කඩුවද? අතද? කියන එක. ඇල්ලකට කිට්ටුව ඉන්න ගුණවත් හාමුදුරුනමක් ඩොලර් 38000ක් අරන් තියෙනවා. ”
ජනපතිවරණ සටනේදී මහින්දට චීනයෙන් මුදල් දීලා?
NYT ලිපියේ වැරදි ගොඩයි - නාමල්

-
Champa Thursday, 28 June 2018 06:56 PM
Oh, just get lost. Ranil’s chihuahua puppy is sneezing and wheezing again. Former President is NOT answerable to the prejudice article published in New York Times based on deconstructed facts that were not proven. After his defeat, I remember one of the main US newspapers running a cartoon about a pulled down Sri Lankan lion flag on the ground with a hoisted American flag in the background. That shows the magnitude of American determination to ousted Mahinda. Anyways, China or no China, Mahinda is coming back to power. This time the general public will take over the job not to mention the massive group of his core supporters whose intent is firm. Yahaplanaya government has 18 more months to navigate through their own landmines. Enjoy.
Reply : 1 0
Ruwan Friday, 29 June 2018 09:53 AM
ඉතා කාලෝචිත ඉල්ලීමක්. මහින්ද ඔබට ඔබගේ නිර්දොශිබවය පෙන්විඉමටත් හොඳ අවස්ථාවක්. අපිත් චන්දදයකයෝ විදියට මෙය දිහා ඉතා අවදියෙන් බලා සිටිමි. පරීක්ෂණයක් කර නිරෝදොස්හි වනතුරු ඔබ නිර්දෝෂයි. නමුත් ඔබ එයට කල් ගැනීමෙන් ඔබේ වරද ඉබේම ඔප්පුවෙන්න තිබෙන ඉඩ කට වැඩියි. මම දන්නා තරමින් නෙව්යෝර්ක් ටිමෙස් පුවත් පත ඔවුන්ගේ සාක්ෂි නැතුව මෙය පල කරන්නේ නැත. එසේ වුවහොත් එරට රජය විසින්ම ඔවුන්ට විරුද්දව පියවර ගනු ඇති. එම නිසා මහින්ද මෙය ගැන කිසිවක් නොකියනු ඒකාන්තය. මහින්දට දීමට ඔවුන් දැනටමත් දෙවන ලිපිය ප්‍රසිද්ද කිරීමට ලැහැස්තියෙනුත් සිටි.
Reply : 1 2
Champa Friday, 29 June 2018 01:00 PM
උත්තර දෙන්න කිසිම හේතුවක් නැහැ. ඇයි මොකෝ ලංකාව පාලනය කරන්නේ New York Timesද? ඇමරිකන් ජනාධිපති Donald Trump ම කියනවා නම් ඒ රටේ පත්තර වල තියෙන්නේ fake news කියල තව මොනවාද? මේ 2015 නෙමෙයි. මිනිස්සු ගන්න ඕනේ තීරණේ අරන් ඉවරයි. මෙහෙම නෙමෙයි වෙන මොන තරම් ලිව්වත් චන්දදයකයාගේ හිත කඩන්න බැහැ. රනිල් ලෝකේ වටේ ගියා ණය ඉල්ලගෙන. ඇමරිකාවටත් ගියා. කිසි කෙනෙක් ණය දුන්නේ නැහැ. ඒ මොකොද රනිල්ට ගත්ත ණය ගෙවන්න පැහැදිලි ක්‍රමයක් තිබුනේ නැති නිසා. රනිල්ට ණය දෙන්න පටන් ගත්තේ රනිල් මාගම්පුර වරාය චීනෙට විකිනුවට පස්සේ. රනිල් ගැන විශ්වාස කරලා නෙමෙයි, ණය හිලව්වට ණය දීපු ව්‍යාපෘතියම ආපහු තමන්ට කුණු කොල්ලෙට විකුණන්න රනිල් ලෑස්තියි කියන විශ්වාසෙ ඇතිවුණු නිසා.මොකොද වෙන කිසිම රටක් එහෙම නොකරන නිසා. ඒ ආණ්ඩුව ඕස්ට්‍රලියාවේ බැංකු වලින් දීපු ණය පවා ගත්ත කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතුව. හරියට බැලුවොත් අපිටයි කියලා දැන් ඉතුරු වෙලා තියෙන දේවල් බොහොම ටිකයි. අනිත් හැම දේම තියෙන්නේ විදේශිකයන් අතේ.
Reply : 0 0
Champa Friday, 29 June 2018 01:07 PM
මේ ලිපිය ලියන්න කියල තියෙන්නේ ලංකාවේම මිනිහෙක්. උදාහරණයක් විදියට වර්ෂ 1500 ගණන් වල ඒ කියන්නේ පෘතුග්‍රීසින්ගේ කාලේ හොයා ගත්ත කොළොම්තොට හෙවත් කොළොඹ වරායට 2012 දී ආවේ නැව් 3667ලු. හැබැයි 2010 පටන් ගත්ත මාගම්පුර වරයට 2012දී ඒ කියන්නේ අවුරුදු 2න නැව් 34ක් ආවලු. අවුරුදු 500කට වඩා පරණ ලෝකෙම ප්‍රසිද්ධ වරායකට ආපු නැව් ගානත් එක්ක කාත් කවුරුවත් දන්නේ නැති අවුරුදු 2ක් විතරක් විතර වයස මාගම්පුර වරායට ආපු නැව් ගාන සංසන්දනය කරන එක විහිළුවක්. මේක මේ යූඑන්පි ආණ්ඩුවේ ප්‍රසිද්ධ මෝඩ තර්කයක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

