කොරෝනා ආසාදිතයින් දොළොස් දෙනෙකු වාර්තා වීම නිසා මහරගම නගර සභා බල ප්‍රදේශයට අයත් ප්‍රගතිපුර ,වෙල්සිරිපුර සහ රාහුල පුර යන ගම්මාන තුන හුදකලා කිරීමට පියවර ගත් බව මහරගම නගර සභාව පවසයි.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය හා සම්බන්ධ මාළු ව්‍යාපාරිකයින් දොළොස් දෙනෙකුට වෛරසය ආසාදනය වීම නිසා මෙම පියවර ගෙන ඇති බව මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී ඥානසිරි දයානන්ද මහතා පැවසීය.
ඒ අනුව ප්‍රගතිපුර ,වෙල්සිරිපුර හා රාහුල පුර යන ප්‍රදේශ වල පවුල් 1600 කට ආසන්න පිරිසකගේ සංචරණ සීමා සම්පූර්ණයෙන්ම සීමා කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හා පොලීසිය එක්ව පියවර ගෙන තිබේ,.
මේ වන විට එම ප්‍රදේශ සම්පූර්ණයෙන්ම විෂබීජහරණය ට ලක් කරීමට ද පියවර ගෙන ඇති බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න