කින්නියා, සවාරු පාලම ආසන්නයේ වැලි ගොඩදමමින් සිටියදී නාවික හමුදාව දැක පළා යෑම සඳහා මහවැලි ගඟට පැන අතුරුදන් වූ අනෙක් තරුණයාගේ මල සිරුරද අද (30දා) සොයාගත් බව පොලීසිය පවසයි.
මෙම සිදුවීමෙන් දෙදෙනෙක් අතුරුදන් වූ අතර ඊයේ දිනයේදී අවුරුදු 22ක් වූ මොහොමඩ් රාෂික්ගේ සිරුර සොයාගනු ලැබීය. අද දිනයේදී සිරුර සොයාගනු ලැබුවේ අවුරුදු 19ක් වන මොහොමදු රමීෂ් යන අයගෙයි.
පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් පිරිසක් හා නාවික හමුද කිමිඳුම්කරුවන් එක්ව කළ මෙහෙයුමකින් මෙම සිරුරු සොයා ගන්නා ලදී.