කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදයට විසඳුමක් ලබානොදුන හොත් මන්ත්රිවරුන්ට කොළඹ සිට පාර්ලිමේන්තුවට යෑමටත් පැයකට අධික කාලයක් ගතවෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
අයවැය කාරක සභාව විවාදයට එක්වෙමින් ඔහු සඳහන් කළේ කොළඹ නගරයේ පවතින රථ වාහන තදබදය විසඳාලීමට හැකිනම් එයද ආර්ථිකයට විශාල පිටුවහලක් වෙනු ඇති බවයි.
මේ සඳහා විසඳුම් ඉතාමත් කෙටි කාලයකින් සෙවිය යුතුව ඇති බවත් මර්ග තදබදය හේතුවෙන් කාලය, ඉන්ධන මෙන්ම ජනතාව විශාල ලෙස පීඩාවට පත්ව ඇති බවත් ඔහු සඳහන් කළේය.