මහනුවර මහයියාව නගරසභා ගම්මානයට දැඩි සංචාරණ සීමා පැනවීමට පියවර ගත් බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පවසයි . එසේ දැඩි සංචාරණ නීති පැනවීමට පියවර ගෙන ඇත්තේ එම ගම්මානයෙන් පෙරේදා (08) කොවිඩ් ආසාදිතයන් 28 දෙනෙකු හමුවීමත් සමගය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ, මහනුවර නගරාධිපති කේසර සේනානායක යන මහත්වරුන් හා සෞඛ්‍ය අංශ බලධාරීන් සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත්තේ යැයි ද ඒ මහතා පැවැසීය.
මහනුවර නගර සීමාවේ වැඩි ජන ඝනත්වයක් පවතින මහයියාව හා බෝගම්බර ප්‍රදේශ දෙකටම මේ වන විට සංචාරක සීමා පනවා තිබෙන බවත් ආසාදිතයින් බහුලව හමුවු එම ප්‍රදේශවල ජනතාව සෙසු අය සමඟ මුසු වීම වැළැක්වීමට මෙම පියවර ගත් බවද කොමසාරිස්වරයා පැවසීය .
මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 438 දෙනෙකු පෙරේදා (08) රාත්‍රී 09.00 වන විට වාර්තා වී තිබුණු බව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි .
එම දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව මහනුවර නගර සීමා බල ප්‍රදේශයෙන් ආසාදිතයන් 101 දෙනෙකු වාර්තා වී තිබෙන අතර පෙරේදා (08) දිනය තුළදී පමණක් නගර සීමා බල ප්‍රදේශයෙන් නව ආසාදිතයින් 44 දෙනකු වාර්තා වී තිබේ.
ෂේන් සෙනෙවිරත්න