ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විවේචනය කරමින් ඉදිරිපත් කළ කරුණු දැක්වීමක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රි සිඩ්නි ජයරත්න මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ අභියෝගයක් සිඩිනි ජයරත්න මහතා ප්‍රතික්ෂේප කළේය.
අද පෙරවරුවේදී පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් සිඩ්නි ජයරත්න මහතා පොලොන්නරුවේ වැලි ප්‍රශ්ණයක් පිළිබඳව ඉදිරිපත් කළ දත්ත අසත්‍ය බව මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
කෙසේ වෙත්ත් තම දත්ත නිවැරදි බව සිඩ්නි ජයරත්න මහතා සඳහන් කළේ. ඉන් අනතුරුව අදහස් දැක්වූ මහින්ද අමරවීර මහතා සඳහන් කළේ එම තොරතුරු අසත්‍යනම් මන්ත්‍රීවරයා ඉල්ලා අස්විය යුතු බවයි.
කෙසේ වෙතත් තමා ඉල්ලා අස්නොවන බව සිඩ්නි ජයරත්න මහතා සඳහන් කළේය.