හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19දා) පෙරවරුවේ සෝමාවතී රාජමහා විහාරයට ගොස් ආගමික වතාවත්වල නිරත වූහ.
විහාරාධිපති, සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ, කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය (විශ්‍රාමලත්) හා වැඩ බැලූ සම්භව්‍ය භාෂා අංශාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්හ.