වසර විසි එකකට පෙර සිය නිවසින් අතුරුදන්ව සිටි පුද්ගලයකුව කඳාන ආණියාකන්ද ප්‍රාදේශීය රෝහලේ දී ඔහුගේ බිරිදට හා දරුවන්ට හමුවීමත් සමඟ දරුවන් හා බිරිඳ ඔහුව වැළඳ ගනිමින් සතුටු කදුළු හෙලුයේ රටක් රාජ්‍යයක් හමුවුවා සේය.
මීට වසර විසි එකකට පෙර හදිසියේ නිවසින් අතුරුදන් වු කේ. ජී. පියසේනව සොයා ගැනීමට ඔහුගේ බිරිඳ ජී.ජී. සිවර්ණලතා මහත්මිය හා ඇගේ නෑ හිතවතුන් නොගත් උත්සාහයක් නැත. රටේ නොගිය ප්‍රදේශයක් නැත. එහෙත් ඔවුන්ට පියසේනව හමු වුයේ නැත.
මාතලේ කුරුවාව රත්තොට පදිංව සිටි පියසේන ස්වරිණලතා යුවලට දියණියන් දෙදෙනකු හා පුතණුවකු සිටි අතර වසර විසි එකක් සිය පියා පිළිබඳව කිසිදු හෝඩුවාවක් නොවීම නිසා ඔවුන් පසුවුයේ දැඩි කනස්සල්ලෙන් යුතුවය. එහෙත් සිය පියා කෙදිනක හෝ හමුවේයැයි තිබු විශ්වාසය පමණක් ඔවුන්ට විය.
මේ අතර මාතලේ රත්තොට නැමති මුහුණු පොතේ කඳාන ආනියකන්ද ප්‍රාදේශීය රෝහලේ සිටින රෝගියකු ගැන ජායාරූපයක් පලවී තිබු අතර ස්වර්ණලතා ඇතුළු දරුවන්ට ඒ තමන් වසර විසි එකක් පුරා සොයන තමන්ගේ ආදරණියා බව හදුනාගැනීම අපහසු වුයේ නැත. පසුව ඔවුන් කඳාන ආනියකන්ද ප්‍රාදේශීය රෝහලට පැමිණියේ දැඩි ප්‍රීතියකින් යුතුවය.
පියසේන හා පවුල එක්කිරීම ට මූලික වු සිය වෘත්තීය සේවාවට එහා යමින් සිය මානවදයාව පෙන්වු ආනියකන්ද ප්‍රාදේශීය රේහලේ හෙද සොයුරියක් වු ඉනේකා කුමාරි මහත්මිය සමග අපි කතා බහ කලෙමු. " මේ තාත්තා වයස අවුරුදු හැත්තෑවක් විතර ඇති. මෙයාව අපේ රෝහලට රාගම රෝහලේ සිට එවලා තිබ්බේ කාත් කවුරුවත් නැති රෝගියකු ලෙසයි. එයාගේ කකුලේ ලොකු තුවාලයක්. එයාට කල්පනාවත් එච්චර නෑ.
නමුත් මම කොහොම හරි කතා කරද්දී මේ තාත්තා මාතලේ රත්තොට පැත්තේ කියලා කියවුනා. පසුව මම ෆොටෝ එකක් අරගෙන මාතලේ රත්තොට කියන මුහුණු පොතට එය යොමු කෙරුවා. පස්සේ එකෙන් තමයි මේ තාත්තාගේ ඥාතීන් 19 දා ඇවිත් තාත්තව රැගෙන ගියේ. පසුව මාතලේ රෝහලට ඒ තාත්තව ඇතුළු කරලා තිබ්බා.”
අප පියසේනගේ බිරිඳ වු ජි.ජි. ස්වර්ණලතා මහත්මිය සමග වසර විසි එකකට පෙර සිදු වුයේ කුමක්දැයි විමසීමු. " මට වයස අවුරුදු පනස් අටයි. මගේ මහත්තයා කෙරුවේ පතල් රස්සාව. රස්සාවට ගියහම දින ගණනක් රස්සාවේ ඉන්නවා. මැණිකක් එහෙම හමිබවුනාහම ගෙදර ඇවිත් යනවා. හැබැයි මෙයා යාළුවොත් එක්ක විනෝදෙට බරයි. එහෙම ගෙදර ආපුවම යාළුවොත් එක්ක එකතු වෙලා පාටි දානවා.
මම මේ අතර රට ගියා. කුවේට් හා ජොර්දානයේ ගෘහ සේවිකාවක් හැටියට කටයුතු කෙරුවා. මම ලංකාවට වරින් වර ඇවිත් යනවා. මේ අතර තමයි මගේ මහත්තයා ගැන හෝඩුවාවක් නැතිව ගියේ. එතකොට මගේ බාල දුවට අවුරුදු පහයි. අපි ඊට පස්සේ මහත්තයා හොයන්න නොගත් උත්සාහයක් නෑ.
මහත්තයාගේ නෑදෑ ගෙවල්වල, යාළුවන්ගේ ගෙවල්වල රටේ තොටේ හැමතැනම අපි හෙව්වා. නමුත් හමුවනේ නෑ. මුහුණු පොතේ අපේ ඥාතී දියණියක් පියසේනව දැකලා ඒක අරගෙන ඇවිත් මේ මාමා නේද කියලා මගෙන් ඇහැව්වා. මම එතකොටයි හදුනගත්තේ. එයාට කල්පනාව නැති උනත් නම කියලා මාව අද හදුනගත්තා. මටයි දරුවන්ටයි කියන්න බැරි තරම් සතුටුයි. අපි දැන් එයාව අරගෙන යනවා. මාතලේ රෝහලට ඇතුළත් කරලා කොහොම හරි හොඳ කර ගන්නවා. දැන් අපි නැවතත් සම්පූර්ණ පවුලක් වෙලා."
ජා-ඇල ප්‍රසංග පෙරේරා/ කඳාන රුක්මන්