මහකුඹුක්කඩවල වල්පාළුව රක්ෂිතය සහ අවට අද ( 17) දහවල් පැතිරි ගිය ගින්නකින් අක්කර 50 කට ආසන්න ප්රමාණයක් සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව පුත්තලම ආපදා කළමණාකරන සහකාර අධ්යක්ෂ ඒ .එම් . ආර්.එන්.කේ .අලහකොන් මහතා පැවසිය
මහකුඹුක්කඩවල වල්පාළුව රක්ෂිතය ආසන්නයේ කුඹුරු යායක පිදුරු කන්දකට කිසියම් පිරිසක් දහවල් ගිනි තැබිමේන් පසුව එහි ගින්න අවට ඉඩම් වලට පැතිරි යාමෙන් පසුව පුද්ගලික ඉඩම් ගණනාවක කජු ඇතුළු භෝග වගාවන් රැසක් විනාශ වි තිබු බව ආපදා කළමණාකරන ඒකකය පවසයි.
හෙක්ටයාර් 200 කට ආසන්න වල්පාළුව රක්ෂිතයට ගින්න පැමිණ තිබුනත් රක්ෂිතයේ සේවය කරමින් සිටි කාන්තාවන් පිරිසක් දැඩි ප්රයත්නයක් දරා එය නිමා තිබු තිබුණි.
17 දින දහවල් 12 .30 ට පමණ ගින්න ආරම්භ වි ඇති අතර මහකුඹුක්කඩවල ප්රාදේශීය ලේකම් දිලාන් ගුණරත්න මහතා සහ වනසංරක්ෂණ නිලධාරින් ආපදා කළමණාකරන ඒකකයට දැන්විමේන් පසුව යුධ හා නාවික හමුදාවන් කැඳවා ගින්න සම්පුර්ණයෙන් පාලනය කිරීමට හැකිවු බව පැවසිය.
අණමඩුව - හිරාන් ප්රියංකර