මහබැංකුව කෝප් කමිටුවට කැඳවීමට එම කමිටුව තීරණය කර තිබේ. ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ලබාගැනීම හේතුවෙන් රටපුරා විශාල ජන සංඛ්‍යාවක් අපහසුතාවට ලක්ව ඇති බවට කෝප් කමිටුව වාර්තාවී ඇති අතර, මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කෝප් කමිටුව තීරණය තර තිබේ.
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන අවිධිමත් ආකාරයට ණය ලබාදී ඇති බැවින් මෙම ගැටලුව පැනනැගී ඇති බවත් මහබැංකුව මේ සම්බන්ධයෙන් නිසි නියාමනයක් සිදුකර නොමැති බවටත් චෝදනා එල්ලවී ඇති බැවින් මෙලෙස මහ බැංකුව කැඳවීමට කෝප් කමිටුව තීරණය කර ඇත. එමෙන්ම අවශ්‍ය වුවහොත් මුදල් අමාත්‍යාංශයද මේ සම්බන්ධයෙන් කෝප් කමිටුවට කැඳවීමට තීරණය කර ඇත.
ඇතැම් දිස්ත්‍රික්කවල ක්ෂුද්‍ර මූල්‍ය ණය ගත් ජනතාවගේ ණය මුදල් කපාහැරීමට ආණ්ඩුව කටයුතු කරන බව පැවසුවදඑය නිසිපරිදි සිදුකරනොමැතිබවටත් ඒහේතුවෙන් ජනතාව ණය මුදල් ගෙවීම සිදුකර නොමැති බැවින් එම ආයතන අපහසුතාවට පත්ව ඇති බවටත් කෝප් කමිටුවට කරණු වාර්තාවී ඇත.
මේ සම්බන්ධයෙන් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් හිමිකරුවන්ගේ සංගමයවිසින් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සමග සාකච්ඡාවක්ද පවත්වා ඇත.