මුළු රටෙහිම පසුගිය කාලේ අන්දෝලනාත්මක සිදු විමක් බවට පත්වු මාවනැල්ල අවට ප්‍රදේශ කිහිපයක මෙන්ම තවත් ප්‍රදේශ කිහිපයක බුදු පිළිම වලට හානි කර සිද්ධියේ සැකකරුවන් අද 13 වැනි දින නැවතත් මාවනැල්ල දිසා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ඔවුන් සියලූ දෙනාම පෙබරවාරි 27 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ගණන 17 දෙනෙක් වන අතර ඉන් එක් අයෙක් කාන්තාවකි. මාවනැල්ල පොලීසියේ මේ පිළිබඳව විමර්ශනය කරන පොලිස් පරික්ෂක ආර්.එම්.ඒ. රණසිංහ මහතා ඇතුලූ පොලිස් කණ්ඩායමක් විසින් නාවලපිටිය පාර, උලපනේ ප්‍රදේශයේදි දැනට ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට රැකවරණය සැපයු නිවසක කාන්තාවක් සහ පිරිමි අයෙක් පෙබරවාරි 12 වැනි දින අත්අඩංගුවට ගෙන 13 වැනි දින අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි .පසුව ඔවුන්ද බන්ධනාගාර ගත විය.
උදෑසන 9.30 ට පමණ කෑගල්ල බන්ධනාගාරයේ සිට සැකකරුවන් 11 දෙනෙක් බන්ධනාගාර බස් රථයකින් දැඩි ආරක්ෂාව යටතේ මාවනැල්ල අධිකරණය වෙත ගෙන එම සිදු විය.
එමෙන්ම මේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිවු දෙනෙක් කොළඹ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
ඔවුන් සිවු දෙනා වනාතවිල්ලූව වත්තකදි මාවනැල්ලේ බුදු පිළිම කැඩිමේ සිද්ධියට අදාල සැකකරුවන්ට ආයුධ පුහුණුව ලබා දි ඇති අය බව පසුගිය ජනවාරි 30 වැනිදා මාවනැල්ල අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.
එහි තිබි ආයුධ තොගයක්ද පොලිසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණු අතර 13 වැනි දින එම සැකකරුවන් සිවු දෙනා ඇතුළුව 15 දෙනෙක් උදෑසන මාවනැල්ල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා වෙත ඉදිරිපත් කර අතර එහිදි කොළඹ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් මහෙස්ත්රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ අදාල සැකකරුවන් රඳවාගෙන තවදුරටත් ප්‍රශ්න කර යුතු බවයි.
ඒ අනුව අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කරන ලද වනාතවිල්ලූව ප්‍රදේශයෙන් අල්ලා ගත් සැකකරුවන්ගෙන් රඳවා ප්‍රශ්න කිරිමට අවස්ථාව මහෙස්ත්‍රාත්වරයා ලබා දුන් අතර අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව මහෙස්ත්රාත්වරයාගෙන් දැනට කෑගල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරුවන්ගෙන්ගෙන්ද මෙ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිමට අවස්ථාව ඉල්ලා සිටි අතර එහිදි ඒ සඳහා බන්ධනාගාර අධිකාරිවරයාට ඒ බව දන්වා අවශ්‍ය පරික්ෂණ පෙබරවාරි 15 වැනිදායින් පසුව සිදු කරන ලෙසද නියෝග ලබා දෙන ලදි.
සමන් විජය හෙමන්තගම