ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (02) දින මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේදි ශ්‍රි ලංකාව නියෝජනය කරමින් රාජකාරියන්හි නිරතව සිටියදි ත්‍රස්ත ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත් වු පොළොන්නරුව පුලස්තිපුර 4 ඇළ ප්‍රදේශයේ පදිංචිව සිටි කපිතාන් වසන්ත දිනේෂ් ජයවික්‍රම මහතාගේ නිවසට පැමිණ පවුලේ ඥාතින් වෙත සිය සංවේගය ප්‍රකාශ කර සිටියේය.
එහිදි ජනාධිපතිවරයා දෙමාපියන් සමග ජිවිතක්ෂයට පත් කපිතාන් වසන්ත දිනේෂ් ජයවික්‍රම මහතාගේ අවමංගල්‍ය කටයුතු සිදු කරන ආකාරය පිළිබද විමසා සිටි අතර එහිදි දෙමාපියන් පවසා සිටියේ තම පුතාගේ දේහය හැකි ඉක්මනට එම රටෙන් තමන් වෙත ලබා දිමට කටයුතු සිදු කර දෙන ලෙසයි.
එහිදි ජනාධිපතිවරයා දෙමාපියන් ඇතුඑ පවුලේ ඥාතින්ට පවසා සිටියේ හැකි ඉක්මනට දේහය මාලි රාජ්‍යයේ සිට නිවසට රැගෙන එමට අවශ්‍ය සියලු කටයුතු අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දි ඇති බවයි.