මාලදිවයිනේ සිට මෙරටට පැමිණ කොග්ගල ප්‍රදේශයේ හෝටලයක පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි තවත් පුද්ගලයින් පස් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි. සි.ආර්.පරික්ෂණවලදි තහවුරු වු බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
මොවුන් ඉකුත් 30 වැනිදින මාලදිවයිනේ සිට මෙරටට පැමිණ ඇත. පුද්ගලික රෝහලකදි මොවුන්ගේ පි.සි.ආර්. පරික්ෂණ සිදුකළ බවද ප්‍රමෝද සිරිවර්ධන මහතා සදහන් කළේය.
දෙවැනි වතාවට කළ පි. සි.ආර්. පරික්ෂණවලදි මොවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (11) ලැබුණු වාර්තාවලදි තහවුරු වු බවද හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සදහන් කළේය. වෛරසය ආසාදනය වි ඇති පුද්ගලයින් 05 දෙනාම පිරිමි පුද්ගලයින් වන අතර මොවුන් කොළඹ අයි.ඩි.එච් රෝහල වෙත පිටත්කර යැවිමට කටයුතු කරණ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලදධාරිවරයා වැඩිදුරටත් සදහන් කළේය.