මුලතිව් උදයාර්කට්ටු කැලෑවක වලදමා තිබියදී මෝටාර් බෝම්බ, පැරා සහ හඳුනා නොගත් බෝම්බ කිහිපයක් නාවික හමුදාව හා කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන ඇත.
කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය හා නැගෙනහිර නාවික විධානයට අයත් සෙබලුන් පිරිසක් විසින් ඒකාබද්දව සිදු කරන ලද සෝදිසියදී අදාල බෝම්බ තොගයන් වලදමා තිබියදී සොයාගනු ලැබීය.
එහිදී මිලිමීටර් 60 සහ 81 වර්ගයන්ට අයත් මෝටාර් බෝම්බ 02ක්, මිලිමීටර් 120 වර්ගයේ මෝටාර් බෝම්බ 02 ක්, මිලිමීටර් 60 ප්රමාණයේ ඉලුමිණේෂණ් පැරා මෝටාර් බෝම්බ 12 ක් සහ තවත් හඳුනා නොගත් වර්ගයක මෝටාර් බෝම්බයක් හමු වී ඇත.
යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් මෙම ස්ථානයේදී මෙම බෝම්බ තොගය වලදමා යන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටියි.
සොයා ගත් බෝම්බ තොගය අධිකරණයේ නියෝගයන්ට අනුව නිශ්ක්රීය කිරීම සඳහා කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායට භාර දුන් බවටද නාවික හමුදාව වැඩි දුරටත් පැවසීය.