මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රාජකාරියේ යෙදී සිටියදී ප්‍රහාරයක් හේතුවෙන් මිය ගිය ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් දෙදෙනාගේ දේහයන් අද (02 දා) ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිතව තිබුණත් එම දේහයන් ශ්‍රී ලංකාවට ගෙන ඒම ප්‍රමාදව වී තිබේ.
ඒ ගුවන් යානා ප්‍රමාද වීමක් හේතුවෙනි. ඒ අනුව සඳුදා දිනයේදී එම දේහයන් ශ්‍රී ලංකාව ගෙන ඒමට නියමිත බව වාර්තා වෙයි.
25දා සිදුවූ මෙම ප්‍රහාරයෙන් එවකට කපිතාන් ධුරයේ සිට පසුව මේජර් ධුරයට උසස් කළ මේජර් එච්.ඩබ්.ඩී. ජයවික්‍රම මහතා සාජන් එස්.එස්. විජේවික්‍රම ජීවිතක්ෂයට පත්විය.
මේ අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද මේජර් එච්.ඩබ්.ඩී. ජයවික්‍රම මහතාගේ නවසට ගොස් ඔවුන්ගේ දුක සැප සොයා බැලූ අතර දේහයන් කඩිනමින් ලංකාවට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද සඳහන් කළේය.