මිරිහාන ස්ථානයට අනුයුක්තව පාරිසරික අංශයේ ස්ථානාධිපතවරයා ලෙස රාජකාරි කරනු ලැබු පොලිස් පරික්ෂකවරයෙකු මිරිහාන පොලිස් ස්ථානය තුළදි පිස්තෝල ගිනිඅවියකින් අද (15) සියදිවි නසාගෙන තිබේ.
මියගිය නිලධාරියා වයස අවු.36ක්වු වෙරළුගහවත්ත, නාරම්මිණිය පාර, කැළණිය ලිපිනයේ පදිංචි අයෙකි.
මෘත ශරිරය දැනට කළුබෝවිල රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කොට තිබේ.
සියදිවි නසා ගැනිමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර මිරිහාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කෙරේ.