මාතර , මිරිස්ස ප්‍රදේශයේ බාල වයස්කාර දරුවෙක් මුහුදු රස්සාවේ රැගෙන ගොස් දින 48 ක් විවිධ කෲර වද හිංසා කිරිමේ සිදුවිම සම්බන්ධව එම දරුවාගේ සුවදුක් විමසිම සදහා කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා දෙවන වරටත් මිරිස්ස බණ්ඩරමුල්ල ප්‍රදේශයේ එම දරුවාගේ නිවස වෙත ඊයේ (1) පැමිණියේය.
මෙසේ කෘර වද හිංසාවට ලක්වුයේ ශෙහාන් ප්‍රමෝද් (16) නම් බාල වයස්කාර දරුවෙකි .
එම දරුවා ආර්ථික අපහසුතා හේතුවෙන් ව්‍යාජ තොරතුරු ලබාදි පසුගිය ජුනි මස 28 වනදා දුල්මිණි බහුධින යාත්‍රාවෙන් මිරිස්ස ධිවර වරායෙන් මුහුදු රස්සාවේ ගොස් ඇති අතර එහිදි යාත්‍රාවේ සිටි ධිවරයන් සිවුදෙනා මෙම කෲර වද හිංසනය දින 48 ක කාලයක් පුරා සිදුකර තිබේ .
පසුව යාත්‍රාව අගෝස්තු මස 12 වනදා යලි ගොඩබිමට පැමිණිමෙන් අනතුරුව එම දරුවා මාතර මහරෝහල වෙත ඇතුලත් කරනු ලැබිය . එහිදි කොන්ද ප්‍රදේශයට කරන ලද පහරදිමෙන් ඉලඇට කැඩියාම හේතුවෙන් එයට ප්ලේටි එකක් දැමිමටද සිදුවිය.
සිදුවිම සම්බන්ධයෙන් අත්අඩංගුවටපත් යාත්‍රාවේ හිමිකරු ඇතුලූ ධිවරයන් සිවුදෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසුව ලබන 10 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරිමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ .
දෙවන වරටත් දරුවාගේ සුව දුක් විමසිමට ඊයේ පැමිණි පියල් නිශාන්ත අමාත්‍යවරයා එම දරුවාගේ නිවස සාදා ගැනිමට මුදල් හා ඔහුගේ බාල නැගණියට ශිෂ්‍යත්වයක් ලබාදිම සිදුකෙරුණි .
මෙහිදි අදහස් පලකල ඒ මහතා මෙසේ ද පැවසිය .
මෙම පුවත මාධ්‍ය මගින් ප්‍රචාරය වුනාම තමයි අපි දැක්කේ. සියලූ මාධ්‍ය වලට ස්තුති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා . රජය වෙනුවෙන් සහ අපේ අමාත්‍යංශය වෙනුවෙන් . මේ සිද්ධිය සැලවු විගසම ධිවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අපිව දැනුවත් කරා . මෙවැනි සිදුවිම් රටපුරාම සිද්ධ වෙන අවස්ථා අපිට දැකගන්න පු ලූවන්. මෙවැනි සිදුවිම් ඇතිවෙන්න දෙන්න බැහැ . අපේ යුතුකම හා වගකිම ඒ අයට හයියක් වෙන්න කටයුතු කරන එකයි . මෙවැනි දේ වලට යොමු වන්නේ දැඩි ආර්ථික ප්‍රශ්න නිසයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ දරුවට ප්‍රතිකාර විතරක් කරලා , වැරදි කරුවන්ට දඩුවම් ලබාදිලා විතරක් ප්‍රමාණවත් නැහැ . මේ පවුල් වල ආර්ථිකය හොද මට්ටමට ගන්න ඔ්න . දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්න ඔ්න ’’ යැයි පැවසිය .