මරදාන දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිවරයෙකු කොවිඩ්-19 වෛරසය ආසාදිත වීමෙන් තාවකාලිකව ප්රවේශපත් නිකුත් කිරීම නවතා දමා තිබුණු අතර හෙට (19දා) දින සිටවෙනත් දුම්රිය ස්ථානාධිපතිවරුන් 04 දෙනෙකු යොදා මරදාන දුම්රිය ස්ථානයේ ප්රධාන ප්රවේශ පත්ර කවුළු විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසුවේය .
එමෙන්ම කොවිඩ් -19 ආසාධිතව සිටි දුම්රිය ස්ථානාධිපති සමඟ කටයුතු කළ දුම්රිය ස්ථානාධිපතිවරුන් 10 දෙනෙකු මරදාන දුම්රිය ස්ථානාධිපති නේවාසිකාගාරයේ රදවා නිරෝධායනය කිරීමට ද කටයුතු කර ඇතිබව හෙතෙම පැවසුවේය.