මරණීය දණ්ඩනය ගැන තීරණය වෙනස් කරන්නේ නෑ
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට රජය ගත් තීරණය කුමන අන්දමකින්වත් වෙනස් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීම පිළිබඳ රජය ගත් තීන්දුව කුමන අන්දමේ විරෝධතා මතුවුව ද කි‍්‍රයාත්මක කිරීමේ තීරණය වෙනස් නොකරන බවද ජනපතිවරයා සඳහන් කළේය.
නීතිය, බන්ධනාගාර, අධිකරණ යන අදාළ ක්ෂේත්රවල ප්‍රධානීන්ගේ සාකච්ඡාවක් තමා විසින් ලබන අඟහරුවාදා කැඳවා තිබෙන අතර එහිදී එම සියලූ ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි කමිටුවත් පත් කරන බවත්, මරණීය දණ්ඩනය ලබාදිය යුතු පුද්ගලයින්ගේ නම් සහ එම දින වකවානු එම කමිටුව විසින් තීරණය කරනු ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ චීන රජයෙන් ලැබුණු පූර්ණ පරිත්‍යාගයක් අනුව පොළොන්නරුවේ ඉදිකෙරෙන චීන - ශී‍්‍ර ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට අද (21දා) පෙරවරුවේ එක් වෙමිනි.
සමාජය පරිහානියට ලක්වන තත්ත්වයක් තුළ නීති කි‍්‍රයාත්මක කිරීම ප්‍රමාද කිරීම සහ වැළැක්වීම කිසිසේත් සුදුසු නොවන බවද ඔහු පැවැසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීම පිළිබඳ විරෝධතා ඉදිරිපත් කරන කිසිවෙකු මෙම ව්‍යසනය වළක්වා ගැනීමට කිසිදු සහයෝගයක් ලබා නොදීම කණගාටුවට කරුණක් බව පැවසූ ජනාධිපතිවරයා මත්ද්‍රව්‍යවලින් රටට සිදුවන විනාශය වළක්වා ගැනීමට තමා සමග එක්වන ලෙස එම සියලු දෙනාට ආරාධනා කරන බව ද සඳහන් කළේය.

popular news
-
Champa Saturday, 21 July 2018 05:00 PM
".......මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීම පිළිබඳ විරෝධතා ඉදිරිපත් කරන කිසිවෙකු මෙම ව්‍යසනය වළක්වා ගැනීමට කිසිදු සහයෝගයක් ලබා නොදීම කණගාටුවට කරුණක් බව පැවසූ ජනාධිපතිවරයා......... " යකාගේ කතාවක්නේ ඒක. අපිද ආණ්ඩුව? ජනතාවද ආණ්ඩුව? හාමුදුරුවරුද ආණ්ඩුව? මිනිස්සු ජනාධිපතිවරයෙකුට සහ ආණ්ඩුවක් පත් කරලා තියෙන්නේ ඒ මිනිස්සුන්ට සාමකාමීව ජීවත් වෙන්න පරිසරයක් හදල දෙයි කියලා. ඉස්සෙල්ල ප්‍රතිපත්තියක් තියෙන්න එපාය. රවී කරුණානායක මුදල් ඇමති කාලේ ලංකාවේ ලොකුම කොකේන් ගෙනවහම ඒක් බලන්නත් ගිය. ඊට පස්සේ සතොසට ආපු සීනි කන්ටේනර් එකක තවත් ඒ වගේම කොකේන් අහු වුනහම නිකම් හිටිය. අවුරුදු 3 1/2ක් තිස්සේ මත්ද්‍රව්‍ය සංසරණය වෙන එක ගැන, ලංකාව මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් විදියට රාජ්‍ය අනුග්‍රහයෙන් පාවිච්චි කරන කොට කට වහන හිටිය. දැන් මරණ දඬුවම ගේන්න කතා කරනවා. මේ කරන්න හදන්නේ ලංකාව ඊට පස්සේ සිංහල බෞද්ධ රටක් විදියට පවතින එක නැති කරන එක. පන්සිල් පද පහේ පලවෙනි එක විදියට ප්‍රාණඝාතයෙන් වළකිමි කියල බුදුහාමුදුරුවෝ දේශනා කලේ සියලු සත්වයන් ගැන, අපා, දෙපා, සිව්පාවා හැමෝම ගැන පතල මහා කරුණාවෙන්.
Reply : 0 0
Champa Saturday, 21 July 2018 05:30 PM
සමාජය පරිහානියට ලක්වන තත්ත්වයක් තුළ නීති කි‍්‍රයාත්මක කිරීම ප්‍රමාද කිරීම සහ වැළැක්වීම කිසිසේත් සුදුසු නැහැලු. සමාජය පරිහානියට ලක් කලේ කවුද? රට තුල මත්පැන්, මත්ද්‍රව්‍ය, ගණිකා වෘත්තීය, ගබ්සාව, සමලිංගික චර්යාව, සමාජ රෝග, කිරිදරුවන් පවා ලිංගිකත්වයට යොමු කිරීම, මේවා කිසි පාලනයක් නැතුව ව්‍යාප්ත කලේ කවුද? ප්‍රවර්ධනය කලේ කවුද? යහපාලන ආණ්ඩුව. තව ඒවා නීතිගත කරන්නත් හැදුව. කරන්න ගිය හුඟක් දේවල් නැවැත්තුවේ ආණ්ඩුවට ප්‍රතිපත්තියක් තිබුණු නිසා නෙමෙයි. බරපතල මහජන විරෝධයක් ආපු නිසා. මහා සංඝ රත්නය ඒවාට හරහට හිටය නිසා. විමල් කෑගහපු නිසා. ඒකාබද්ධ විපක්ෂය මහජන විරෝධය පාර්ලිමේන්තුවට අරන් ගියපු නිසා. එහෙම විරෝධතා නොවෙන්න අද රටක් ඉතුරු වෙන්නේ නැහැ. දැන් එල්ලුම් ගහ ගේනන හදන්නේ මත් කුඩු ප්‍රවර්ධනය කළා කියන චෝදනාවෙන් මිදෙන්න.මිනිස්සු එල්ලනවා දැක්කට පස්සේ දැනටත් දරුණු වෙලා තියෙන සමාජය තවත් දරුණු වෙනවා. හිත් තද වෙනවා. අවිචාර ආණ්ඩුවේ අවිචාර සමයේ අන්තිම කොටස තමයි එල්ලුම් ගහ. යන යකා කොරහ බිඳගෙන යනවා වගේ ලංකාව අනාගමික රටක් කරන්න අන්තිමට කරන්න ඉතුරු වෙලා තියෙන එකත් කරලා යන්නම වගේ හදන්නේ.
Reply : 0 0
Champa Sunday, 22 July 2018 09:31 AM
මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීම ගැන කතා කරනකොට, 2015 ඉඳන් මේ දක්වා මත්ද්‍රව්‍ය රටට ගලා ඒම, සංසරණය සහ විකිණීම කෙලින්ම වැඩි වෙලා තියෙනවා. උදාහරණයක් විදියට පොලිසියේ දත්ත අනුව; 2014 මත්ද්‍රව්‍ය නඩු තිබුනේ 1153යි. 2015 ඒක 1641 දක්වා වැඩි වෙලා, 2016 වසරේ 2078 දක්වා වැඩි වෙලා, ඊට පස්සේ 2017 වසරේ 2845 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ 2014 එක්ක ගත්තහම මත්ද්‍රව්‍ය පිලිබඳ නඩු 2017 වෙනකොට 1692කින් වැඩි වෙලා තියෙනවා. මේකට වග කියන්න ඕනේ 2015 ඉඳන් රට පාලනය කරපු ජනාධිපතියි, අගමැතියි. අවුරුදු 31/2ක් තිස්සේ මත්කුඩු මඩින්න කිසි වැඩ පිළිවෙලක් කලේ නැහැ. හරි නම් කරන්න ඕනේ එල්ලුම් ගහ ගේනන තරමට සමාජය විපරීත කරපු, රටේ පාලනය බිඳ වට්ටපු, "ගම් පෙරළියයි" "ග්‍රාම ශක්තියයි", දෙමුහුන් එල්ලුම් ගහක් හදා ගෙන රටට කරපු අපරාදෙට විහින් එල්ලෙන එක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

