මරණ දඬුවමට ජනපති අත්සන
මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවී, දඬුවම් ලබමින් සිටියදීත් පුළුල් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ඉදිරියේදී ජනාධිපතිවරයා ලෙස තම අත්සන යොදන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (11දා) මහනුවර ගැටඹේ කී‍්‍රඩාංගණයේ පැවති ,මතට එරෙහිව පාසලෙන් ජවයක්, වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
මරණීය දණ්ඩනය පිළිබඳ බෞද්ධ සමාජයක් ලෙස විවිධ මත පැවතියද, ලෝකයේ කිසිදු රටක නොමැති අන්දමින් බණ කියන සහ බණ අසන සමාජයක් මෙතරම් වැරදි මග යනවා නම් එය පාලනය කිරීම සඳහා ගතයුතු තීන්දු තීරණ නිසි කලට ගතයුතු බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මිනීමැරුම් සහ අපරාධ ඉහළ ගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය ඉදිරිපත් කරන වැරදි මාධ්‍ය වාර්තා ඇතැම් දේශපාලනඥයන්ද තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිත කරන බවත් පැවසීය.
කෙසේ වෙතත් මිනීමැරුම් සහ ස්ති‍්‍ර දූෂණ ඉහළ යෑමට මත්ද්‍රව්‍ය සේම සමාජ වෙබ් අඩවිද අද ප්‍රධාන සාධකයන් වී ඇති බවත් මෙම තත්ත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා රජයේ මෙන්ම දෙමවුපියන්ගේද ප්රමුඛ අවධානය යොමු විය යුතු බවත් ප්‍රකාශ කළේය.
යහපත් සහ මතින් නිදහස් රටක් ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළේදී පාසල් දරුවන් දැනුවත් කරමින් ඔවුන් සමාජයේ ප්‍රධාන පණිවිඩකරුවන් බවට පත්කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

popular news
-
prasad Wednesday, 11 July 2018 04:26 PM
Niyamai....... Idiriyatama yamu..... Rajaye mudal kollakaruwantath marana daduwama demu.... Lankawa hadanna puluwan ethakotai...
Reply : 0 0
Champa Wednesday, 11 July 2018 04:40 PM
දේව ශාපේ වදියි. රට තවත් අඳුරු වෙයි. එල්ලලා මරණ මිනිස්සුන්ගේ අදෝනාවෙන් මුළු රටම මූසල වෙයි. මරණ දඬුවම ලැබුණු මිනිස්සු ඉන්නවා මම හිතන්නේ එක්දාස් ගානක් විතර. මත්ද්‍රව්‍ය ජාවාරමට විතරක් මරණ දඬුවම ක්‍රියාත්මක කරන කොට ඒ මිනිස්සු කියයි ඇයි අපි විතරක් ත්‍රස්තවාදීන්වත් එල්ලාපල්ල කියලා. මිනිහෙක් එල්ලලා මැරුව කියල මත්ද්‍රව්‍ය ජාවාරම නවත්තන්න බැහැ. රටට මත්ද්‍රව්‍ය ගෙන ලොකු ජාවාරම්කාරයෝ එකෙක්වත් හිරේ නැහැ. එවුන් ඔක්කොම ඉන්නේ එළියේ. හිරේ ඉන්නේ මැදපෙළ මත්ද්‍රව්‍ය බෙදාහරින අපරාධකාරයෝ, පාවිච්චි කරන සහ ඇබ්බැහි වෙච්ච මිනිස්සු. මත්ද්‍රව්‍ය රටට ගේන මහා පරිමාන අපරාධකාරයන් නිදැල්ලේ ඉන්දත්දී බෙදා හරින එවුන් එල්ලන්න හදනව. මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය රටට ගෙන්වන්නේ මුස්ලිම් දෙමල සහ ඉන්දියන්කාරයන්. වෙන තැනකත් කාලෙකට ඉස්සෙල්ල කිව්වා වගේ ඊළඟට, කොලොම්බියන්, බ්‍රසිල්, නයිජීරියන් ජාතිකයන්. ලංකාව කියන්නේ විශාල වශයෙන් මත්ද්‍රව්‍ය බෙදාහරින මධ්‍යස්ථානයක්. අහසින් මුහුදින් ගොඩබිමින් හැම තැනින්ම මත්ද්‍රව්‍ය එනවා. වහන්න ඕනේ මත්ද්‍රව්‍ය රටට එන පාරවල්. එතකොට බෙදන්න හෝ පාවිච්චි කරන්න මත්ද්‍රව්‍ය නැහැ.
Reply : 0 0
කපිල Wednesday, 11 July 2018 10:17 PM
ඔය කීවට මෙතුමා අත්සන යොදන්නේ නෑ මොකද මෙයා රාජිතට බයයි.
Reply : 0 6
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

