මොරගහකන්ද ජලාශ බැම්මේ ජල කාන්දුව සම්පූර්ණයෙන් නවතා දැමීමට කටයුතු කළ බව ව්‍යාපෘති අධ්යක්ෂ ඩී.බී.විජේරත්න මහතා කියයි.
මුහුදු මට්ටමේ සිට අඩි 185 ජල මට්ටමක් දරාගෙන සිටි ජලාශ බැම්මේ ඉහළ සිට මීටරයකට පහළින් ජල කාන්දුවක් පසුගිය දා (05) වාර්තා විය.
ජලාශ භාර කොන්ත්‍රාත් සමාගම වන චීනයේ සිනෝ හයිඩ්‍රෝ සමාගමේ ඉංජිනේරුවන් විසින් අදාල ජල කාන්දුව හදුනාගෙන අලුත් වැඩියාව සිදුකර ඇතැයි අද (14දා) අප කළ විමසීමක දී ව්‍යාපෘති අධ්යක්ෂ ඩී.බී.විජේරත්න මහතා කියා සිටියේය.
ජලාශ බැමි තුළින් කුඩා ජල කාන්දු ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් බවත් කෙසේ වෙතත් එය සම්පුර් ණයෙන්ම මේ වන විට නවතා ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
නාඋල - ඉන්දික අරුණ කුමාර සහ දඹුල්ල - කාංචන කුමාර ආරියදාස