රුපියල් මිලියන පහක වියදමින් මොරගහකන්ද දිරිය ධිවර සමිතියට බෝට්ටු ලබාදීම ඊයේ (31) සිදුකෙරිණි.
ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය,ශ්‍රි ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය හා ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය එක්ව ධිවර බෝට්ටු හා දැල් ඇතුළු ආම්පන්න බෙදා දීම මොරගහකන්ද ව්‍යාපෘති භුමියේ දී සිදුකෙරිණි.
මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වු පිරිස් යළි සවිබල ගැන්වීමේ අරමුණින් ධිවර සමිති පිහිටුවා අවශ්‍ය පහසුකම් ලබාදීම සිදුකළ බව මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ නේවාසික ව්‍යාපාර කළමණාකරු හේමන්ත ජයසිංහ මහතා කියා සිටියේය.
මේ වනවිට මොරගහකන්ද ජලාශයට ලබාදී ඇති ධිවර බෝට්ටු ප්‍රමාණය 55ක් වන අතර ඉදිරියේ දී තවත් ධිවර බෝට්ටු ලබාදීමට නියමිත බව ද හේමන්ත ජයසිංහ මහතා කියා සිටියේය.
බෝට්ටු ලබාදීමට අමතරව දිරිය ධිවර සමිතියේ සාමාජිකයින් 114 දෙනෙකුට මෙහෙයුම් බලපත්‍ර ලබාදීම ද සිදුකෙරිණි.
මෙම අවස්ථාව සදහා ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ සහකාර අධ්යක්ෂ නාලක ගුණරත්න,ජනාධිපති පෞද්ගලික ලේකම් මහින්ද රත්නායක,ශ්‍රි ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් සහකාර අධ්යක්ෂ ඊ.එස්. වික්‍රමසිංහ,ප්‍රථමික කර්මාන්ත අමාත්‍යංශයේ උපදේශක හා ජලජීවි හා ධිවර ක්ෂේත්රය පිළිබද මහාචාර්ය ඩබ්ලිව්.එම්.ටී.බී.වන්නිනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහු රැසක් මොරගහකන්ද දිරිය ධිවර සංවිධානයේ නිලධාරි මඩුල්ල හා සාමාජිකයෝ රැසක් සහභාගී වී සිටියහ.
නාඋල - ඉන්දික කුමාර