මොරගහකන්ද ජලාශයේ ජල කාන්දුව සම්බන්ධයෙන් කිසිදු ආකාරයෙන් බිය විය යුතු නැතැයි තමන් යළි තහවුරු කරන බව ව්‍යාපෘති අධ්යක්ෂ ඩී.බී.විජේරත්ත මහතා පවසයි.
ඊයේ (01) මොරගහකන්ද ජලාශ පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කියාසිටියේය.
පවත්නා තත්ත්වය හමුවේ ජලාශයට පහළ නිම්නයේ වෙසෙන ජනතාවට යම් බලපෑමක් මේ හේතුවෙන් ඇති නොවන බවත් ලංකාවේ ඉදිකල වෙනත් ජලාශ වල ද මෙවැනි ජල කාන්දු ඇතිවි ඇති බවත් හෙතෙම කියාසිටියේය.
මොරගහකන්ද ජලාශ වේල්ල නිර්මාණය කර ඇත්තේ අඩි විසිපහකින් යුතු කොන්ක්‍රීට් කුට්ටි විසි පහකින් බවද විජේරත්න මහතා කියාසිටියේය.
එම කොන්ක්‍රීට් කුට්ටි අතර යා කිරිම සදහා වොටර් බාර් (water bar ) දෙක බැගින් යොදා ඇති බවත්, එම ස්ථානයකින් නිකුත් වන ජල ප්‍රමාණයක් පහළ ගලාඒම සිදුවන බවත් හෙතෙම කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වු මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්යක්ෂ ඩි.බී.විජේරත්න මහතා මෙසේ ද කියාසිටියේය.
“දැනට ජලාශයේ උපරිම ජල මට්ටමට ඇවිත් තියෙනවා. වාරි වේල්ලේ උඩම මීටරය පිරෙන අවස්ථාවේ දී දෙසැම්බර් මාසේ 25 – 26 වගේ දිනකදි ජල කාන්දුවක් ඇති වුනා බැම්මේ පසු පසින්.
මේ තත්ත්වය සමාන්‍ය තත්ත්වයක්. මෙවැනි තත්ත්වයන් වික්ටෝරියා ජලාශයෙත් දක්නට ලැබුනා.
මේ ජල කාන්දුවේ පිටවීම සමානයි වැඩි අඩුවීම් දක්නට ලැබෙන්නේ නැ. එපමණක් නෙවෙයි මේ ජලාශය නිර්මාණය කරන්න භාරගත්තු කොන්ත්‍රාත් සමාගමට ජලාශය අපට භාර දෙන්න තව අවුරුද්දක කාලයක් තියෙනවා.
එම කාලය තුළ යම් හානියක් ජලාශයට සිදු වුණොත් එහි වගකීම කොන්ත්‍රාත් කරු දරනවා.
දැනටමත් ඒ අය මේ ජල කාන්දුව සම්බන්ධයෙන් මැදිහත් වෙලා අවශ්‍ය කටයුතු සිදුකරමින් ඉන්නේ.
බැම්මේ ඉහළ සිට මීටරයක් පහළින් පවතින ජල කාන්දුව, ජලාශයේ ජල මට්ටම අඩුවිමත් සමග නිවැරදි කරන්න පුලුවන්. මෙතන දී සිදුකරන්නේ මීටරයක් පහළින් තියෙන ජල කාන්දුව හඳුනාගෙන අවශ්‍ය ග්රවිටින් කිරිම සිදුකරන එක.
පාරිසරික උෂ්ණත්වයන් මෙන්ම විවිධ පාරිසරික හේතුන් නිසා මෙවැනි තත්ත්වයන් ඇතිවීම ස්වභාවිකයි.
පවත්නා තත්ත්වය හමුවේ පහළ නිම්නයේ වෙසෙන ජනතාවට හෝ දේපළ වලට බලපෑමක් ඇති වන්නේද යන්ද පිළිබඳව අප ව්‍යාපෘති අධ්යක්ෂ ඩී.බි.විජේරත්න මහතාගෙන් විමසීමක් කළෙමු.
එහිදි හෙතම අවධාරණය කලේ එවැනි අනියත බියක් ඇති කර ගැනීම යෝග්‍ය නොවන බවයි.
නාඋල - ඉන්දික අරුණ කුමාර