බණ්ඩාරගම රයිගම ප්‍ර දේශයේදී ආබාධිත සෙබලෙකුට පහරදුන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ 44 හැවැරිදි මන්ත්‍රීවරයෙක් අත්ඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම මන්ත්‍රීවරයා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එළැඹෙන 01 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
එසේම බියගම ප්‍ර දේශයේ ආපනශාලාවකට බීමත්ව ඇතුළු වී පහරදීමක් සිදුකළ බව කියගන බියගම ප්‍රා සභා මන්ත්රීවරයෙක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද දිනයේදී මහර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මීට අමතරව බද්දේගම වාරිමාර්ග රක්ෂිතයේ දැව කපා දැමීමකට සම්බන්ධ බද්දේගම ප්‍රා සභා මන්ත්‍රීවරයෙක් සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.