පොළොන්නරුව, මනම්පිටිය, මහවැව ප්‍රදේශයේ ඉකුත් (12) දින නිවසේෙදි පැවැත්වු සාදයක් අතරතුරදි හදිසියේ රෝගාතුරව රෝහල් ගත කළ අවස්ථාවේදි මියගොස් සිටි බව කියන ගුවන් සෙබළාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ගුවන් සෙබලුන් තිදෙනෙක් අද (15) දින අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මොණරාගල, සලරුව, බිබිල පාර අංක 32 කණුව ලිපිනයේ පදිංචි නායක ගුවන් භට දිසානායක මුදියන්සේලාගේ රෝෂාන් චානක සංජීව දිසානායක යන අයයි
මෙම මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇත්තේ පොළොන්නරුව, මනම්පිටිය, මහවැව ප්‍රදේශයේ පිහිටි මත් සාදය පැවැත්වු නිවසේ හිමිකාර ගුවන් සෙබලෙකු සහ කටුනායක ගුවන් හමුදා කඳවුරේ සේවය කරමින් සිටින තවත් සෙබලුන් දෙදෙනෙකු සැකකරුවන් ලෙස අත්අඩංගුවට පත්ව තිබේ. මෙම සැකකරුවන් කටුනායක ගුවන් හමුදා කඳවුරේ සේවය කරන අතර සෙබලුන් තිදෙනා,පදිංචිව ඇත්තේ වලපනේ, කෑගල්ල සහ මනම්පිටිය මහවැව ප්රදේශවලයි.
කටුනායක ගුවන් හමුදා කඳවුරේ සේවය කරන මොවුන් සිවුදෙනාම මනම්පිටිය මහවැව පිහිටි ගුවන් සෙබළ මිතුරාගේ නිවසේ දි මත්පැන් සාදයක් පවත්වා ඇත.
මෙම ගුවන් සෙබළා හදිසියේ රෝගාතුරව මනම්පිටිය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් සිටි බව එහි වෛද්‍යවරු සඳහන් කර ඇති අතර පසුව ඔහුගේ මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සිදු කිරිම සදහා පොළොන්නරුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යවා තිබේ.
උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ සහ නියෝජ්‍ය පොලිස්පති ඩබ් කිත්සිරි ජයලත් මහතාගේ නියෝග පරිදි පොළොන්නරුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ පි ධම්මික විරසේකර මහතාගේ උපදෙස් පරිදි වැලිකන්ද පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක ලසන්ත බංඩාර ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ පවත්වයි.
වැලිකන්ද පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.