සිය නිවසින් ශරීර සුවතා මධ්‍යස්ථානය ට (ජිම්) පිටව ගිය තරුණයකුගේ මළ සිරුර ජා-ඇල දඩුගම් ඔයෙහි පාවෙමින් තිබියදී ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු අනුව සීදූව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
ඉකුත් 05 දා උදෑසන 07ට පමණ මියගොස් ඇති තරුණයා යතුරු පැදියකින් පිටත්ව ගොස් ඇත්තේ ශරීර සුවතා මධ්‍යස්ථානයකට බව නිවැසියන් පවසයි. සාමාන්‍යයෙන් උදෑසන 10 පමණ වනවිට සිය ශරීර සුවතා කටයුතු අවසන් වී නිවසට පැමිණෙන ඔහු එදින එම වේලාවේ නිවසට නොපැමිණීම නිසා ඔහුගේ ජංගම දුරකථනයට නිවැසියන් කතා කර තිබුනද ඒ මොහොතේ ඔහු දුරකථන ය ප්‍රතිචාර දක්වා නොමැත. එදින සවස පුරාම ඔහු නිවසට නොපැමිණීම නිසා වරින්වර දුරකථන ඇමතුම් ගත්තද ඒ ඇමතුම් කිසිවකටද ප්‍රතිචාර දක්වා නොමැත. ඊට පසු දින එනම් 06දා උදෑසන නිවසේ ඤතීන් ඔහුට කතා කිරීමේදී දුරකථන ට ප්‍රතිචාර දැක්වු අයෙකු ප්‍රකාශ කර ඇත්තේ අදාළ තරුණයාගේ මළසිරුර දඩුගම් ඔයෙහි තිබියදී සොයා ගත් බවත් පැමිණ හදුනාගන්නා ලෙසත්ය.
දඩුගම් ඔයෙහි අදාල ස්ථානයට ගොස් ඇති මිය ගිය අයගේ ඤතීන්ට ඔහුගේ මළ සිරුර හදුනාගැනීමට හැකිව තිබේ.
පොලීසිය පවසා සිටියේ දඩුගම් ඔයෙහි ගමන් ගත් බෝට්ටුවක සිටි අයෙකු ලබා දුන් තොරතුරු අනුව මළ සිරුර සොයා ගත් බවයි. මිය ගිය අයගේ මළ සිරුර සොයා ගත්තද ඔහු පැදි යතුරු පැදිය හා ඔහුගේ ජංගම දුරකතනයක් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි නිවසේ ඤතීන් පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ අංක 08 සාන්ත අන්තෝනි මාවත එගොඩවත්ත කල එළිය පදිංචි, සහන් මධුරංග පෙරේරා (27) නැමති අවිවහක තරුණයෙකි. මිය ගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය 07 දා මීගමුව රෝහලේ දී සිදු කිරීමට නියමිතව තිබිණි.
ජා-ඇල ප්‍රසංග පෙරේරා