රජයේ මාධ්‍ය ප්‍රකාශක වූවත් මා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නොවන බවත් ඒ නිසා පොලීසියේ තීන්දු තීරණ අපට ප්‍රකාශ කළ නොහැකි බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
මහනුවර පිහිටි ඒ මහතාගේ කාර්යාලයේ අද (08) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
නීති සම්පාදනය කිරිම පාර්ලිමේන්තුවේ වගකීම වූවත් ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම මැතිඇමතීන් සතු නොවන බවත් ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම නීතිය හා සාමය ක්‍රියාත්මක කිරිමේ ආයතන සතු වන වන නිසා අත්අඩංගුවට ගත යුත්තේ කවුද? නඩු දැමිය යුත්තේ කෙසේද? ආදිය තීන්දු කිරිමට මහජන නියෝජිතයන්ට අයිතියක් නැති වුවත් ඉකුත් යහපාලන ආණ්ඩුව සිදු කලේම එවැනි ක්‍රියා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අරලියගහ මන්දිරයේ සිට තීන්දු තීරණ ගනිමින් පොලීසියේ හෝ අධිකරණයේ රාජකාරිය එදා කළ අයුරින් වත්මන් රජය කිසිසේත් ක්‍රියා නොකරන බව ද සඳහන් කල අමාත්‍යවරයා ඒ සඳහා අත පෙවීම, ඇඟිලි ගැසීම රජය සිදු නොකරණ බවත් රිමාන්ඩ් කරන්නේ කවුද? කෙලෙසද? බී වාර්තාව සකසන්නේ කෙසේද ඒවා දේශපාලනඥයන් සතු වගකීම් නොවන බව සදහන් කළේය.
වත්මන් රජය ගෙන යන එවැනි තත්ත්වය පසුගිය කාලයේ නොතිබුණ බවත් එදා අනුර කුමාර, පාඨලී චම්පික, රාජිත සේනාරත්නලා අරලියගහ මන්දිරයේ සිට තීන්දු තීරණ ගත් බව අල්ලස් කොමිසමේ හිටපු දිල්රුක්ෂි ඩයස් මහත්මිය පැවැසු බවත් ඒලෙසම සුහද ගම්ලත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර යන අයද එලෙසම සඳහන් කල බවත් පැවසීය. අද වත්මන් රජය ක්‍රියා කරන්නේ ශීලාචාර විනයගරුක ආකාරයට බවද අමාත්‍යවරයා සදහන් කළේය.