කෙතරම් අමාරුවුවත් රට ගොඩ නැගීමට නම් එක්සත් ජාතික පක්ෂය හා එක්වන ලෙසත් සැම දෙනාම එකතු වී වැඩ කරන්නේ නම් රට ගොඩ නැගිය හැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.කුලියාපිටියේ පැවැති ජන හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“ මම එකක් කියන්නම්. මම බෝක්කු හදන්නේ නෑ. මම බෝක්කුකාරයෙක් නෙමෙයි. මම ඉන්නේ රට හදන්න. රට බෝක්කුවට දාන්න ඕන නම් බෝක්කුකාරයන්ට බාර දෙන්න. කොච්චර අමාරුවුණත් රට හදන්න නම් අපිත් එක්ක එන්න ඕන කියලා මම කියන්න කැමතියි.
අපි ඔක්කොම එකතුවෙලා වැඩ කරනවානම් මේ රට ගොඩ ගන්න පුළුවන්. අපේ උත්සාහයෙන් තමයි මේ රට ගොඩ ගන්න පුළුවන්. කෑගහලා, සටන් පාඨ කියලා, ජාතිවාදය අරගෙන රට ගෙඩ ගන්න බෑ. ඒකෙන් රට විනාශ කරනවා.
අපි මේ රට දාලා පැනලා යන්නේ නෑ. අපි පැනලා ගියේ නෑ. අපි ඔක්කොම එකට හිටියේ. අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ආවා ඔක්කොම අය හිතුවේ අපි ඉවරයි ඉදිරිය නෑ කියලා. ටිකෙන් ටික අපි මේක උස්සගෙන යනවා”