මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු රඳවා ඇති සිර මැඳිරිය විශේෂ පරීක්ෂාවකට
සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාළ නඩුවක් හේතුවෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රඳවා තිබෙන සිර මැදිරිය විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇත බව වාර්තා වෙයි.
ඊයේ (12දා) කොළඹින් ගිය බන්ධනාගාර ආරක්ෂක අංශයේ පිරිසක් මෙම පරීක්ෂාව සිදුකර තිබේ. කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින මන්ත්‍රීවරයාගේ සිර මැදිරියේ තවත් 43න් දෙනෙක් සිටිති.
ඔවුන්වද පරීක්ෂාවකට ලක්කර ඇති බව වාර්තා වන අතර මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සෑම ඇඳුමක්ම මෙහිදී පරීක්ෂා කර ඇත.
ඊයේ පාර්ලිමේන්තු දිනයක් වූ හෙයින් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් වී නැවත බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී ඔහු ගේ සියලුම ඇඳුම්ද පරීක්ෂා කර සිර මැදිරියට ඇතුළත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නීතිඥයින් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක්ද ඉදිරිපත් කිරීමට සූදානමින් පසුවෙයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්ද මහතාට සමීප හිතවතුන් පවසා සිටියේ එය විෂය භාර අමාත්‍යවරියගේ අනුදැනුම මත සිදුවූවක් බවයි.

popular news
-
Don Saturday, 13 October 2018 08:53 PM
In the photo he is showing the hand - cuffs to show the public that he has done a noble service !! Still you could find voters supporting these Kalakanni
Reply : 1 2
Champa Saturday, 13 October 2018 10:56 PM
එනපොට නම් හොඳ නැහැ. ජොන්ස්ටන්ට පරිස්සමින් ඉන්න වෙයි වගේ. මේ හදන්නේ තව මොහොකට හරි අල්ලන්න. එක මැදිරියක 43ක් දාල ඉන්න එක මිනිස්සුන්ගේ මූලික අයිතිවසිකම් කඩ කිරීමක්. ඇයි හිස් අඟුණකොලපලැස්ස තියෙන්නේ. හිරකරයන්ව බෙදා හරින්න තිබ්බනේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද තියෙනවා. මේ ගැන කතානායකට දැනුම් දෙන්න, මේක තනිකර දේශපාලන පලිගැනීමක්.
Reply : 5 0
Deepal Nirosh Monday, 15 October 2018 08:43 AM
අත්අඩංගුවට ගත්තු නාමල්ගෙ ජම්බෝ ජෙට් එකත් අවුරුදු දෙකකට පසුව නිදහස් කරන්න වුණා. ඒ නිසා අධිකරණ ඇමතිනිය මේකවත් කොහොම හරි ගොඩ ගන්න බලනව වගෙයි.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

