මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ පවතින ආපනශාලාවේ සේවය කළ සේවකයෙකු කොවිඩ් ආසාදනය වී තිබේ.
ඔහුගේ පවුලේ සාමාජිකයන්ද කොවිඩ් 19 සඳහා ධනාත්මක වී තිබේ. මේ අනුව මිනුවන්ගොඩ පොලීසියේ පොලිස් නිලධාරීන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකිරීමට නියමිතය.
මේ හේතුවෙන් මිනුවන්ගොඩ පොලීසිය අද (08) දහවල් තාවකාලිකව වසා දමා ඇත.