වැසිකාලය ගෙවී යාමත් සමඟම මින්නේරීය ජාතික වනෝද්‍යානයට වනඅලි රංචු පැමිණීමට පටන් ගෙන ඇති බව මින්නේරිය ජාතික වනෝද්‍යාන භාරකාර වසන්ත මඩුගල්ල මහතා පවසයි.
මෙම දින වල මින්නේරිය ජාතික වනෝද්‍යානය වනඅලින් නැරඹීමේ සොදුරුතම තෝතැන්නක් බවට පත්ව තිබේ.
වනඅලින් 350කට අධික ප්‍රමාණයක් නැරඹීමට හැකි අතර දිනකට උද්‍යානය නැරඹීම සඳහා දේශීය විදේශීය සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙන අතර දිනකට උද්‍යානයට ඇතුල් වන ජීප් රථ සංඛ්‍යාව 300 ඉක්ම වන බව උද්‍යානභාරකරු වැඩිදුරටත් පැවසූහ.
එසේම දිනකට ආදායම රුපියල් ලක්ෂ 30ත් 35 අතර ආදායමක් උපයන බවත් ගිය වසරට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල් භාගයේදීම උද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ වර්ධනයක් පවති.
එසේම වැඩිවන ජීප් රථ සංඛ්‍යාව හේතුවෙන් සතුන්ට හිරිහැර වීම අවම කිරීමට උද්‍යානය තුළ තිබෙන මාර්ග එක් දිශාවකට ධාවනය කිරීමට සැලසුම් කර ඇති අතර උද්‍යානයේ නීති රීති උල්ලංඝනය කරන රියදුරන් හට නීතිය දැඩිලෙස ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
එසේම පැමිණෙන සංචාරකයින් හා ජීප් රථ රියදුරන් හට උද්‍යානය තුළ සැරිසැරිමේදි වන අලින්ට හිරි හැර වන පරිදි කටයුතු නොකරන ලෙසත් පරිසරයට හානි කරන පොලිතීන් හා ප්ලාස්ටික් වැනි දෑ නොදමන ලෙසත්, උද්‍යානය රැකගැනීම සඳහා සහය දක්වන ලෙසත් වනජීවි නිලධාරීන් ඉල්ලති.
හබරණ - මධුෂාන් වික්‍රමසිරි