මන්නාරම් මුහුදේ ඩිංගි යාත්‍රාවක් යොදාගෙන ඉන්දියාවට ගමන් කිරීමට උත්සාහ දැරූ නයිජීරියානු ජාතිකයින් සිවු දෙනෙකු සහ මන්නාරමේ පදිංචි දෙදෙනෙකු ඊයේ (31) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
තලෙයිමන්නාරම ප්‍රදිපාගාරයට උතුරු දෙසින් නාවික සැතපුම් 12 ක පමණ දුරකින් සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් යාත්‍රා කරන බව මුර සංචාරයේ යෙදි සිටි උතුරුමැද නාවික විධානයට අයත් නාවික හමුදා යාත්‍රාවකට නිරීක්ෂණය වී ඇත.
ඒ අනුව නාවික හමුදා යාත්‍රාව මඟින් අදාළ සැක කටයුතු යාත්‍රාව පරික්ෂා කිරීමේදී නීතිවිරෝධී ලෙස මුහුදු මඟින් මන්නාරම පේසාලේ ප්‍රදේශයේ සිට ඉන්දියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ නයිජිරියානු ජාතිකයින් හතරදෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී, එම පුද්ගලයින් රැගෙන ගිය ශ්‍රී ලාංකීක මන්නාරමේ පදිංචි දෙදෙනෙකු ද නාවික හමුදා භාරයට ගැනීමට පියවර ගෙන ඇත.
අත්අඩංගුවට ගත් නයිජිරියානු ජාතිකයින්ගේ වසය අවුරුදු 26, 27, 32 සහ 42 ක් වන අතර, ශ්‍රී ලාංකීක ජාතිකයින් මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 සහ 23 ක් වන පුද්ගලයින් බව හඳුනාගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් තලෙයිමන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා ‘තම්මැන්නා’ ආයතනය වෙත රැගෙන ඒමෙන් පසු ප්‍රථමාධාර සහ වෛද්‍ය පහසුකම් සපයා ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයින් සහ යාත්‍රාව තලෙයිමන්නාරම, පොලීසිය වෙත භාර දීමට නාවික හමුදාව විසින් කටයුතු කරන ලදී.