මන්නාරම ශිලාවතුර අරිප්පු මුහුදු තීරයේදී ඊයේ (01) දින පුපුරණ ද්‍රව්‍ය යොදා (ඩයිනමයිට්) මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් සිවුදෙනෙකු පුපුරණ ද්‍රව්‍යද සමග නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
වයඹ නාවික විධානයට අයත් සෙබළුන් පිරිසක් විසින් සිදු කරන ලද සෝදිසි මුර සංචාරයකදී අදාළ නීතිවිරෝධීව මසුන් අල්ලමින් සිටි ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, ඩයිනමයිට් 21ක් ඩෙටනේටර් 22ක් පුපුරණ ද්‍රව්‍ය යොදා අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 16 ග්‍රෑම් 700ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් පුද්ගලයින් මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
ඒ අනුව, අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, ධීවර පරික්ෂක කාර්යාලය වෙත භාර දීමට නාවික හමුදා නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.
එමෙන්ම, පසුගිය දින කිහිපය පුරාම නාවික හමුදාව සිදු කළ මෙහෙයුම්වලදි මෙවැනි නීතිවිරෝධී ධීවර කටයුතු වල නියැලෙන ලද පුද්ගලයින් මෙන්ම පුපුරණ ද්‍රව්‍ය අලෙවි කරනු ලැබූ පුද්ගලයින් විශාල පිරිසක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.