වැලි ප්‍රවාහන බලපත්‍ර අහොසි කිරීමත් සමග මන්නාරමේ පෞද්ගලික ඉඩම්වලින් විවිධ වැලි ඡාවාරම්කරුවන් විසින් නීතිවිරෝධීව සිදු කරන වැලි ගොඩදැමීම් වහාම නවතන ලෙස ඉල්ලා ඊයේ (28) මන්නාරමේදී විරෝධතාවයක් සංවිධානය කොට තිබුණි.
මන්නාරමේ ආගමික නායකයින් හා සිවිල් සංවිධාන විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර විරෝධතාවය පැවැත්වූවේ මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිටය.
එහිදි විරෝධතාවයට එක්වූවන් වැඩිදුරටත් කියා සිටියේ,
‘වර්තමානය වනවිට මන්නාරම වැලි මාෆියාවක් වී ඇති බවටත් වැලි ඡාවාරම්කරුවන් විසින් වැලි ගොඩදැමීම සිදු කරන අතර වාරයේ එය නැවත්විමට අදාළ ප්‍රදේශයන් වෙතට යන පිරිස් වෙත පහරදීම්ද සිදු කරන අතරම සාමාන්‍ය වැසියන්ට අයිති ඉඩම් වලින් මෙන්ම රජයේ ඉඩම් වලින් වැලි ගොඩදැමීම් සිදු කලද ඒ දෙස කිසිදු බලධාරියෙකු අවධානයක් යොමු නොකිරීම මගින් සාමාන්‍ය ජනතාව දැඩි සේ අසරණ වන බැවින් වහාම මන්නාරමේ අනවසර වැලි ගොඩදැමීම් නවතා දැමීමට සියලු බලධාරීන් එක් විය යුතු බවටය.
විරෝධතාවය අවසානයේ විරෝධතා කරුවන් විසින් ඔවුන්ගේ ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් මන්නාරම් අතිරේක දිස්ත්‍රීක් ලේකම් එස්.ගුණපාලන් මහතා වෙතට භාරදීමටද පියවර ගන්නා ලදි.