මුන්දලම කලපුවේ නීතිවිරෝධි කුඩු දැල් වලින් සිදුවන හානිය පෙන්විමට මාධ්‍යවේදින් රැගෙන ගිය යාත්‍රාව වටකරමින් ධිවර සුළු පන්න ධිවරයින්ට කුඩු දැල් ධිවරයින් තර්ජනය කරන්නට විය.
මුන්දලම කලපුව වනසමින් කලපුවේ පුලිච්චාකුලම හා උඩප්පුව ,කට්ටකඩුව ,කිරියන්කල්ලිය , වටවාන, පුනපිටිය, සිමාවන්වල කුඩු දැල් 200ක පමණ දමා කලපුව වනසමින් ඇති බව සුළුපන්න ධිවරයෝ පවසති.
මෙම කුඩු දැල් මුන්දලම කලපුවේ දැමීම සම්පුර් ණයෙන් තහනම් කර තිබියදි මෙම නීතිවිරෝධි ක්‍රියාව සිදුවෙමින් පවති.
මෙම විනාශය මාධ්‍යයට පෙන්විම සදහා සුළු පන්න ධිවරයින් ධිවර යාත්‍රාවකින් අදාළ ප්‍රදේශ වලට ගමන් කරමින් සිටියදී කුඩු දැල් ධිවරයින් ඔරු වලින් ධිවර යාත්‍රාව වටකරමින් විරෝධය මතුකරන්නට විය .
මෙහිදි කුඩු දැල් ධිවරයින් පවසාසිටියේ මෙම රැකියා කරගෙන යාමට ධිවර නිලධාරින්ට තමන් මාසිකව විශාල මුදලක් ලබාදි මෙම කුඩු දැල් රැකියාව සිදුකරන බවයි .
කෙසේ නමුත් දෙපිරිස අතර ගැටුමක් ඇති නොවුණමුත් දෙපිරිස අතර බහින් බස් විමක් පමණක් සිදුවිය.
කෙසේ නමුත් ධිවර යාත්‍රාවකින් පිරිසක් කුඩු දැල් පිළිබඳව සොයා බලන්නට පැමිණෙන බව කලින් දැන ගත් කුඩු දැල්කරුවන් දැල් ගලවා කලපුවේ එගොඩට රැගෙන ගොස් දමා තිබෙන අයුරුද දැක ගත හැකි විනි.
මේ පිළිබඳව අදහස් දැක්වු මුන්දලම ශාන්ත ජේමිස් ධිවර සමිතියේ ලේකම් එස්.ඩි. චාමර මහතා පවසා සිටියේ මෙවැන්නකි.
“මේ කුඩු දැල්කරුවන් නිසා මුළු කලපුවම විනාශ වෙනවා. මොකද කුඩු දැල ඇතුලට යන කුඩා මත්ස්‍යයින් සියල්ලම මැරිලා කලපු තිරයට ගිහින් දාන එකයි මේ කුඩු දැල්කරුවන් කරන්නේ. මෙය මුන්දලම කලපුවේ මත්ස්‍ය අස්වැන්න අහිමි වෙන්න බරපතළම ගැටලුවක් බවට පත්වෙලා .
පුත්තලම ධිවර සහකාර අධ්යක්ෂ සරත් චන්ද්‍රනායක මහතාගෙන් කල විමසිමේදි පවසා සිටියේ මෙවැන්නකී,
“මේ කුඩු දැල් එළිම මුන්දලම කලපුවේ සම්පුර් ණයෙන් තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබියදී තමා මේ කටයුතු වෙන්නේ .අපි අවස්ථා ගණනාවකදී වැටලිම් කලා. නමුත් දිගටම එය කරගෙන යන බව තොරතුරු තිබෙනවා. මෙය ඉතාමත් ඉක්මනට අපි කලපුවෙන් ඉවත් කරන්න කටයුතු කරනවා යැයි ඔහු පැවසිය.