නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන කෙටුම්පතක් සකස් කිරීම වෙනුවෙන් පත්කර ඇති විශේෂඥ කමිටුවට වතුකරයේ ජීවත්වන දෙමළ හා ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනතාව නියෝජනය කෙරෙන සාමාජිකයෙකු පත් කරන්නැයි ඉල්ලමින් දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා තිබේ.
මනෝ ගනේෂන් මහතා සඳහන් කළේ මේ රටේ දෙමළ , මුස්ලීම් ජනතාවට අවේණික ගැටලූ තිබෙන්නාක් මෙන් වතුකරයේ ජීවත්වන දෙමළ ජනතාවටද අවේණික ගැටලූ තිබෙන බවයි.
එබැවින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබද කෙටුම්පත සකස් කිරීම වෙනුවෙන් පත්කර ඇති විශේෂඥ කමිටුවට වතුකරයේ දෙමළ ජනතාව නියෝජනය කරන විශේෂඥයෙකු ඇතුළත් විම සාධරණ බවද හෙතෙම කියාසිටියේය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් විශේෂඥ කමිටුවක් පත් කිරීම සාධනීය කරුණක් ලෙස දකින බව සඳහන් කළ මනෝ ගනේෂන් මහතා සිය ඉල්ලීම පිළිබදව අග්‍රමාත්‍ය මහින්ද රාජාපක්ෂ මහතා හා සෘජුවම සාකච්ජා කළ බවද පැවසීය.