ඩුබායිහි සැඟව සිටි කාලයේදී මාකඳුරේ මධුෂ් විසින් සිදුකකරන ලද බවට සැකකරන අපරාධ හතරක් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඩුබායිහි සිටියදී මෙරටට රැගෙන ඒමෙන් පසු ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින බවත්, විමර්ශනවලට අනුව එරට සිටිමින් මෙරට තුළ සිදුකළ අපරාධ හතරක් පිළිබඳ විමර්ශන කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මේ අනුව 2017 වසරේ පෙබරවාරි 27 වැනිදා කළුතර එතනමඩල ප්‍ර‘දේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන සිදු කරන බවත්, මෙහිදී බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු සහ රැඳවියන් 05 දෙනෙකු ඝාතනය වූ අතර, තවත් බන්ධනාගාර නිලධාරීන් හතර දෙනෙකු තුවාල ලැබූ බවත් ඔහු කියා සිටියේය.
මීට අමතරව 2017 වසරේ මැයි 09 වැනිදා පිළියන්දල නගරයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩි තබා පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් කිරීමත්, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හා පුද්ගලයන් හතර දෙනෙකුට තුවාල සිදු කිරීමත් මෙම චෝදනා අතර වන බවද ඒ මහතා සඳහන් කළේය.
2018 මාර්තු 06 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී අඟුණුකොළපැලැස්ස ප්‍ර‘දේශයේදී කොස් මල්ලි නමැත්තා වෙඩිතබා ඝාතනය කර, පසුව ඔහුගේ හිස කොටස අලුත්කඩේ ප්‍ර‘දේශයේ තබා යෑම හා 2018 වසරේ නොවැම්බර් 05 වැනිදා මහරගම පන්නිපිටිය ප්‍ර‘දේශයේ සිදු වූ දියමන්තිය කොල්ලකෑමේ සිද්ධිය පිළිබඳවද පරීක්ෂණ සිදුකරන බව ඒ මහතා කියා සිටියේය.
මෙම අපරාධ හතර සම්බන්ධයෙන් මධුෂ්ගේ ජංගම දුරකථන, අපරාධ සිදු කිරීමට සම්බන්ධ වූ අනෙක් සැකකරුවන්ගේ ජංගම දුරකථන සහ විදේශිකයන්ගේ ජංගම දුරකථන විශ්ලේෂණය කිරීමේ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරමින් තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.