'මාකඳුරේ මධුෂ්' ඇතුළු පිරිස ශ්රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වුවද, තවමත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් වාර්තා නොවේ.
මධුෂ් ඇතුළු පිරිස සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් පිරිස අතරින් අවස්ථා දෙකකදී නදීමාල් පෙරේරා, කංජිපානී ඉම්රාන් ඇතුළු පිරිසක් පිටුවහල් කිරීමට ඩුබායි පොලීසිය කටයුතු කළේය.
ඔවුන් අතරින් නදීමාල් පෙරේරා ඇතුළු කිහිප දෙනෙකු ප්රකාශ ලබාගැනීමෙන් අනතුරුව නිදහස් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේය.
තවත් කිහිප දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, කංජිපානි ඉම්රාන් මාස තුනක කාලයක් රඳවාගෙන ප්රශ්න කිරීමට අධිකරණයේ අවසර ලැබිණි.
අමල් පෙරේරා හා නදීමාල් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සාබ්ධික වෙල්ලප්පිලි මහතාගෙන් 'අද' කළ විමසුමකදී ඔහු සඳහන් කළේ අමල් පෙරේරා සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් තවමත් ප්රකාශ කළ නොහැකි බවයි.