ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනයෙන් වැඩිම ප්‍රමාණය නිපදවනු ලබන මධ්‍යම පළාතෙන් ඉදිරි වසර පහක කාලය තුලදී දියර කිරි නිෂ්පාදනය දෙගුණයක් දක්වා ඉහළ නංවා ගැනීමේ ඉලක්කයක් කරා ගමන් කරමින් සිටන බවත් ඒ සඳහා විශේෂ ව්‍යාපෘතින් කිිපයක් ක්‍රියාත්මක කරන බවත් මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂිකා වෛද්‍ය ආර්.එම්.කේ.පි. රාජනායක මහත්මිය ප්‍රකාශ කළාය.
අද 02 වනදා පේරාදෙණියේ පිහිටි සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යක්ෂවරිය එසේ කීවාය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ පළාත් අධ්‍යක්ෂිකා වෛද්‍ය රාජනායක මහත්මිය මෙසේද කීවාය.
ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනයෙන් වැඩිම ප්‍රතිශතය නිෂ්පානදය කරනු ලබන්නේ මධ්‍යම පළාතයි. එය සමස්ත නිෂ්පාදනයෙන් සියයට 37 ක් පමණ වනවා. මධ්‍යම පළාත තුල කිරි ගව පාලනයට වඩාත් හිතකර තත්වයක් පවතින බැවින් ඉදිරි වසර පහක කාලය තුල මෙම දියරකිරි නිෂ්පාදන ප්‍රමාණය දෙගුණ කිරීමේ ඉලක්කයක් කරා ගමන් කරන බවත් ඒ සඳහා විශේෂිත ව්‍යාපෘති කිහිපයක්ම හඳුන්වා දී ඇති බවත් අධ්‍යක්ෂවරිය සඳහක් කළාය.
මධ්‍යම පළාතෙන් දිනකට දියර කිරි ලීටර් ලක්ෂ හතරන් පමණ ලැබෙන නමුත් කිරි ගවයින් නිසි ලෙස නඩත්තු කිරීම මගින් මෙම ප්‍රමාණය තව දුරටත් වැඩි කර ගත හැකි බවත් ඇය කීවාය. විශේෂයෙන් ගවයින්ට නිසි පරිදි සම තුලිත ආහාර වේලක් නොලැබීම ප්‍රධාන ගැටළුවක්ව ඇති බවත් ඒ සඳහා පළාත පුරා පේෂණ තෘණ වගා ව්‍යාපෘතියක් හඳුන්වා දී ඇති බවත් එමගින් ගුණාත්මක තෘණ වර්ග සෝගම් මෙන්ම බඩ ඉරිඟුද වගා කිරීමට නව ව්‍යවසායකයින් පුහුණු කරමින් සිටින බවත් කීවාය. නව සුළු මධ්‍යම මට්ටමේ ආයෝජනයන් ලෙස මෙම පෝෂණ තෘණ වගාවන් සහ එමගින් තෘණ කුට්ටි නිපදවීම මගින් විශාල ආදායමක් ලබා ගත හැකි බවත් අධ්‍යක්ෂවරිය සඳහන් කළාය. සාමාන්‍යයෙන් අක්කරයක සෝගම් වගාව මගින් මාස දෙකකට වරක් රුපියල් 180,000 ආදායමක් උපයා ගත හැකි බවත් එම ප්‍රමාණයම තෘණ කුට්ටි වශයෙන් නිපදවීම මගින් ආදායම තුන් ගුණයක් දක්වා වැඩි කර ගත හැකි බවත් පළාත් අධ්‍යක්ෂිකා වෛද්‍ය ආර්.එම්.කේ.පී. රාජනායක මහත්විම තව දුරටත් සඳහන් කළාය.
මොහොමඩ් ආසික්